Author Archives: නලින් සුබසිංහ

ජාතික ව්‍යාපාරයේ විවිධ ධාරාවන්

මගේ ජීවිත කාලය තුළ මා හට අත් දකින්නට ලැබුණු සිංහල ජාතික ව්‍යාපාරයේ ධාරාවන් කිහිපයක්:   පළමු ධාරාව: මේ ධාරාවට අයත් පුද්ගලයන් වන්නේ දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයේ මුල් සමයේ පටන් ඊට විරුද්ධව ක්‍රියා කරන ලද ක්‍රියාධරයන් සමූහයකිනි. මොවුන් වැඩි පිරිස බෞද්ධකම ගැන හෝ සිංහල සංස්කෘතිය පිළිබඳ වැඩි අවධාරණයක් යොමු නොකරති. මොවුන්ගේ වැඩි අවධාරණය යොමු වී ඇත්තේ […]

බැසිල්ගේ ආගමනය

ඡන්දයක් ගැන සිතා බැලීමේදී නම් බැසිල් රාජපක්ෂ සිටියත් නැතත්, තව වසර කිහිපයකින් පැවතෙන මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් මේ ආණ්ඩුව පරාජය කළ හැකි බව මගේ තක්සේරුවයි. 2005 ජනාධිපතිවරණය දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ පක්ෂ නායිකාව විසින් පක්ෂය අකර්මණ්‍ය කොට තිබියදී, සියලුම මාධ්‍ය ඔහුට එරෙහිව තිබියදී හුදෙක්ම විමල් වීරවංශගේ සහ ජාතික ව්‍යාපාරයේ සහායෙන් පමණි. මෙහිදී යමෙකුට තර්ක කළ […]

එක්ස් ෆයිල්ස් සහ පිටසක්වල ජීවී මනස්ගාත

එක්ස් ෆයිල්ස් (X-Files) නම් ජනප්‍රිය රූපවාහිනි නාට්‍ය මාලාවට අයත් නවතම නාට්‍ය මාලාවක් විකාශය වන බව ප්‍රචාරය වනු මට දැක ගත හැකි විය. මීට සමගාමීව පැරණි එක්ස් ෆයිල්ස් කතා මාලාවන් රූපවාහිනියේ විකාශය වන අතර ඉන් කතා එකක් දෙකක් නැරඹීමට මට ඉඩ ප්‍රස්ථාව ලැබිණි. මේ සමඟම මගේ මතකය ඇදී ගියේ අතීතය වෙතයි. එක්ස් ෆයිල්ස් මුලින්ම ලංකාවේ විකාශය […]

රාජිත සහ එස්.බී. ගේ අවස්ථාවාදී දේශපාලන ඉතිහාසය

වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙපළක් වන රාජිත සේනාරත්න සහ එස්.බී. දිසානායක දෙදෙනාගේ සමානකම් බොහොමයක් තිබේ. දෙදෙනාම විශ්ව විද්‍යාලයෙන් දේශපාලන ජීවිත ආරම්භ කළේ වාමාංශිකයන් ශිෂ්‍ය නායකයන් ලෙසයි. දෙදෙනාම දක්ෂ කථිකයයෝ ය. රාජිත සේනාරත්න රාජිත සේනාරත්න විශ්ව විද්‍යාලයේ ශීෂ්‍ය දේශපාලනයෙන් පසු විජය කුමාරණතුංග ගේ ශ්‍රීලංකා මහජන පක්ෂයට එක් වූයේ ය. (විජය කුමාරණතුංග 1984 දී ශ්‍රීලංකා මහජන පක්ෂය පිහිටුවන […]

ප්‍රජාතන්ත්‍රවාදය අපට ජීර්ණය වේද?

වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය යනු නූතනත්වයේ ලක්ෂණයක් ලෙස සැලකිය හැක. එය 15වන සියවසින් පසු යුරෝපයේ ඇති වූ නූතනත්ව චින්තන පෙරළිය සමඟ ඇති වූ බටහිර විද්‍යාව, ධනපති ක්‍රමය ඇතුළු තවත් බොහෝ දේ මෙන් තවත් එකකි. පුරාතන ග්‍රීසියේ මෙන්ම ඉන්දියාවේ ලිච්ඡවීන්, මල්ලයන් වැන්නන් අතරද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයන් තිබූ නමුත් අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඒවායේ සිට අඛණ්ඩව විකාශය වූවක් ලෙස […]

සිරිසේනගේ ඉරණම

මහින්ද රාජපක්ෂට කැමති විශාල ජන පිරිසක් අපේ රටේ ඇත. රනිල් වික්‍රමසිංහට කැමති තවත් විශාල ජන පිරිසක් අපේ රටේ ඇත. නමුත් මෛත්‍රිපාල සිරිසේනට කැමති ජන පිරිස අල්පය. මෛත්‍රිපාල සිරිසේන යනු පැවති ශක්තිමත් ශ්‍රිලනිප ආණ්ඩුව බිඳ වැට්ටවීමට කටයුතු කළ පුද්ගලයාය. ඒ නිසා ශ්‍රිලනිප හිතවාදීන්ට ඔහුව පෙනෙන්නේ ද්‍රෝහියෙක් ලෙසයි. එජාප හිතවාදීන් මෛත්‍රිපාල සිරිසේනට යම් කිසි කැමැත්තක් මුලදී තිබ්බත් […]

සිංහල බෞද්ධ කියන්න බය ඇයි?

ඉකුත් වසරේ රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් වුන තවත් වින්නැහියක් නම්, “රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමට හේතුව මුස්ලිම් සහ දෙමළ ඡන්ද අහිමි වීමය. ඒකට හේතුව රාජපක්ෂ ආණ්ඩුව සිංහල බෞද්ධ කියන එක ඔනෑවට වඩා අවධාරණය කළ නිසාය” කියන කතාවයි. වර්තමානයේ පුන පුනා මේ කතාව කියනු ඇසේ. මේ පිරිස කියන්නේ අපේ රට ශ්‍රීලංකාව බවත්, විවිධ ජාතීන් මෙහි ජීවත් වන […]