සමගි ජන බලවේගයත් විජාතිකත්වයේ පක්ෂයක්

Image may contain: 2 people, including Shiron Rosa, text

සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය කණ්ඩායම එජාපයෙන් නෙරපා ඇති බව දැන ගන්නට ලැබෙනවා. මේ සමඟම වසර 70 කට වඩා පැරණි, දශකය ගණනාවක් ලංකාවේ පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ මළගම සනිටුහන් වනු ඇති. රනිල් වික්‍රමසිංහ එහි මළගම සනිටුහන් කළ නායකයා ලෙස ඉතිහාස ගත වනු ඇති. වසරක පමණ කෙටි කාලයකට හැරෙන්නට 1994න් පසු වසර 25 කට වඩා එක්සත් ජාතික පක්ෂයට අපේ රටේ පාලන බලය හිමි කර ගත නොහැකි විය.

එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිටම විජාතිකත්වයේ පක්ෂයි. එක්සත් ජාතික පක්ෂය මරාගෙන උපන් සමගි ජන බලවේගයත් විජාතිකත්වයේ පක්ෂයක්මය. ඊට ද තම දේශපාලනය කිරීමට සිදු වී ඇත්තේ (එක්සත් ජාතික පක්ෂය මෙන්ම) ජාතිවාදී/වර්ගවාදී සුළු පක්ෂ කිහිපයකත්, සිංහල බෞද්ධ විරෝධී නාගරික සංකර ඡන්ද පදනමකත් උපකාරයෙනි.

ත්, සිංහල බෞද්ධ විරෝධී නාගරික සංකර ඡන්ද පදනමකත් උපකාරයෙනි.

Leave a comment