පැරණි ගීත සහ නොස්ටැලිගික මතක

Image may contain: text

මම දැකපු එක දෙයක් තියෙනවා විශේෂයෙන් යූටියුබ් චැනල්වලට ගිහින් පරණ ගීත (දෙස්/විදෙස්) බැලුවම එතන අදහස් ප්‍රකාශ කරල තියෙන ගොඩක් දෙනා ඒ ගීතය අයත් යුගය තමයි හොඳම යුගය කියලා අදහස් දක්වලා තියෙනවා සහ ඊට ප්‍රතිචාර විශාල වශයෙන් දක්වල තියෙනවා. දැන් මේ වගේ ගීත හැදෙන්නෙ නැත්තෙ ඇයි වගේ අදහසුත් දක්වලා තියෙනවා.

ඒ වගේ යූටියුබ් එකේ 50 දශකයේ ගීතයකට ගියාම 50 දශකය හොඳම ගීත තිබ්බ යුගය, 60 දශකයේ ගීතයකට ගියාම 60 දශකය හොඳම ගීත තිබ්බ යුගය වගේ අදහස් 90 දශකය දක්වාම ඔබටම මේක බලා ගන්න පුළුවන්. හැම දශකයේම එක වගේ හොඳ ගීත හැදුනා කියලා මම පිළිගන්නෙ නෑ. නමුත් බොහෝ දෙනා දක්වන අදහස් වලට හේතුව වෙනත් එකක් කියලයි මට හිතෙන්නේ.

බොහෝ දෙනෙකුගේ පැරණි ගීත ඒ ගීත වැඩියෙන් ප්‍රචාරය වූ යුගය සහ ඒ යුගයේ තමන්ගේ පුද්ගලික මතකයන් එක්ක වෙලිලා තියෙන්නෙ. බොහෝ දෙනෙකුට සුන්දර වශයෙන් සිහි කරන්න පුළුවන් කාලයක් වන්නේ නව යොවුන් වියේ සිට තරුණ විය දක්වා කාලය. දළ වශයෙන් අවුරුදු 15 – 25 කාලය. මේ කාලය ජීවිතය සැහැල්ලුවෙන් වගේ තමා ගොඩක් දෙනා ගත කරන්නේ. නව යොවුන් ප්‍රේමය වගේ දේවලුත් හිතට එන්නේ මේ කාලයේ.

ඉතින් මේ කාලයේ තියෙන අසන්නට ලැබෙන ජනප්‍රිය ගීත මේ කාලයේ මතකයන් එක්ක බැඳෙනවා. ඒ නිසා පසුකාලීනව මේ ගීත නැවත අසන කොට ඒ නොස්ටැල්ගික මතකයන් අවධි වෙලා ඒ ගීත කෙරෙහි ලොකු ආසාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙලා ඒ ගීත අනෙක් කාලවල බිහි නොවූ මහා ගීත කියලා හිතෙන්නත් පුළුවන්. නැතුව මේ ගීතවල සංගීතමය හෝ සාහිත්‍යමය සුවිශේෂතාවක් නැහැ. මේක සවිඥාණිකව මෙන්ම අවිඥාණිකවද වෙන්න පුළුවන් දෙයක්.

Leave a comment