හෝමාගම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය

හෝමාගම අලුතෙන් විශාල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදීමට යාම අමනෝඥ ක්‍රියාවක් බව කිව යුතුය. විශේෂයෙන් බටහිර රටවල ආර්ථිකය කඩා වැටෙමින් පවතින තත්වයන් තුළ රජය විශාල වශයෙන් යටිතල සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යොදවනවා. ඒකෙන් ඉදිකිරීම් කර්මාන්තය සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර සම්බන්ධ ආර්ථිකය වර්ධනය වීම, රැකියා උත්පාදනය මඟින් එහි බලපෑම සමස්ත ආර්ථිකය වර්ධනයට බලපෑම අපේක්ෂා කෙරෙනවා.

නමුත් කෙරෙන දේ අනාගත ආයෝජනයක් විය යුතුය. ක්‍රීඩාංගණය ඉදිකිරීමේ මූලික අපේක්ෂාව ඒක නම් ජල, වාරිමාර්ග, මහා මාර්ග හෝ නගර සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න තිබුනා. රටේ මෙතරම් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණ ප්‍රමාණයක් තිබියදී, තවත් විශාල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යාම තනිකරම නාස්තිකාර වැඩක් විතරයි.

මම හිතන්නේ ක්‍රීඩා සඳහා ඉතා විශාල වියදමක් දරන සහ ක්‍රිඩා සඳහා විශාල සමාජ අවධානයක් ඇති ඕස්ට්‍රේලියාවෙ පවා අපේ රටේ තරම් අන්තර්ජාතික ක්‍රීඩාංගණ නැතුව ඇති. අංග සම්පූර්ණ මලල ක්‍රීඩා පිටියක් හැදුවා නම් තව කමක් නැහැ.

Leave a comment