ඉන්දසාල ගුහාව

ඉන්දසාල (සං-ඉන්ද්‍රසාල) ගුහාව ඇත්තේ තෙල්දෙණියේ බඹරගල පන්සල අසල බව කියැවෙන කතාවක් මේ දවස්වල ප්‍රචාරය වේ. ඊට පාදක කරගෙන ඇත්තේ ලත්පඳුරේ පියරතන හිමියන් විසින් රචිත බුදුසරණ පුවත්පතේ වූ ලිපියයි. ජන්බුද්වීප ප්‍රවාදයට අපහාස උපහාස කිරීමේ අදහසක් මා හට නැත. ඉතිහාසය පිළිබඳ ප්‍රවාද කතා කියැවීමට මාගේ ආසාවක් ඇත. වෙනත් කරුණු මෙන් නොව මේ ලිපිය සාක්ෂි ආදිය උපුටා දක්වමින්… Read More ඉන්දසාල ගුහාව

ජම්බුද්වීප ගැන මගේ මතය

මේ දවස්වල මහාවංශ, ජන්බුද්වීප සහ රාවණා ගැන බුකියේ වලි ගොඩකි. හේතුව පැහැදිලි නැත. මේ වාද විවාද හැමදා බුකියේ තිබූ දේය. නමුත් ඊයේ පෙරේදා මේක ලැව්ගින්නක් මෙන් ඇවිලීමට අහඹුවක් විය නොහැක. අයින් වෙලා පයින් යන්න හිටියත් අර ඉංගිරිසියෙන් එලිපන්ට් ඉන් ද රූම් කියන කතාවට අහුවෙන්න ඉඩ තියෙන නිසා මගේ සත දෙකත් කෙටියෙන් ලිවීමට සිතුවෙමි. 1. මහාවංශයේ… Read More ජම්බුද්වීප ගැන මගේ මතය

ශ්‍රීපාදස්ථානය රැක ගන්න යළි වඩින්න මඩගම්මන හිමියනේ!

සීතාවක රාජසිංහ රජු සමයේ බුදුන් වහන්සේ වැඩම කළ සොළොස්මස්ථාන වලින් එකක් වූ, බෞද්ධයන්ට පරම පූජනීය වූ, ශ්‍රීපාදස්ථානය හින්දු ආඬි ගුරුන්ට පවරා දෙනු ලැබුවා. ඉන් පසු කාලයක සිංහයකු මෙන් එතනට වැඩම කළ, මඩගම්මන ධර්මකීර්ති හිමි නැතිනම් මඩගම්මන හාමුදුරුවෝ මේ ආඬිගුරුන් එතනින් පළවා හැර ශ්‍රීපාදස්ථානය රත්නපුර පොත්ගුල් විහාරයේ භාරකාරීත්වය යටතට පවරා ගැනීමට කටයුතු කළා. පසුව වඩුග රජෙකු… Read More ශ්‍රීපාදස්ථානය රැක ගන්න යළි වඩින්න මඩගම්මන හිමියනේ!

අමරපුර සහ රාමඤ්ඤ

අමරපුර සහ රාමඤ්ඤ යන නම් දෙකම වත්මනේ බුරුමය හෝ මියන්මාරය ලෙස හැඳින්වෙන රට වෙනුවෙන් ව්‍යවහාර කෙරෙන බවයි සාමාන්‍ය අදහස. නමුත් මේ අදහස හරියටම නිවැරදි නැහැ. අඹගහපිටියේ නැණවිමලතිස්ස නාහිමි ඇතුළු සංඝයා පිරිසක් උපසම්පදාව ලබා ගන්නය කියලා සියම් දේශය බලා නැව් නැග්ගේ 19 වන සියවසේ මුල. නමුත් ඉන්දියාවේදී බුරුමයේ තතු දැනගෙන උන්වහන්සේලා බුරුමය බලා පිටත් වුවා. මේ… Read More අමරපුර සහ රාමඤ්ඤ

ත්‍රෛනිකායික ද?

බොහෝ තැන් වල යෙදෙන්නේ ත්‍රෛනිකායික වශයෙන්. ත්‍රෛනිකායික මහා සංඝ රත්නය. මෙහි ත්‍රෛනිකයික වන්නේ– සියම්– අමරපුර– රාමඤ්ඤ නිකාය ත්‍රිත්වයයි. එලෙස සරලව දැකුවත් මට පේන විදියට මේ ව්‍යවහාරය සදොස් බවක් ඇත. ලංකාවේ නිකාය මීට වැඩි ප්‍රමාණයක් තිබේ. ☸️සියම් නිකාය සියම් දේශයෙන් පවර උපාලි හිමි මෙරට වැඩම කොට ලක්දිව උපසම්පදාව පිහිටුවා සියම් නිකාය ඇති කිරීමට පළමු අස්ගිරිය සහ… Read More ත්‍රෛනිකායික ද?

බෙන්තොට විහාර සංකීර්ණය

අද බෙන්තොට කියලා හඳුනාගන්නා භූමි ප්‍රදේශයෙන් සෑහෙන ප්‍රමාණයක ඉස්සර තිබිලා තිබිලා තියෙන්නේ විශාල විහාර සංකීර්ණයක්. ගූගල් මැප් වලින් බැලුවම පේනවා මේක කෙතරම් විශාල විහාර සංකීර්ණයක් වෙන්න ඇතිද කියලා. පිළිමගෙය, චෛත්‍යය, බෝධිය සහ භික්ෂුන් වහන්සේගෙ ආවාසය මේ එක එකක් අතර දුර කිලෝ මීටරයකට වඩා වැඩියි. අද මේවා වෙන වෙනම විහාර පහක් විදියට කැඩිලා තියෙන්නේ. මේ විහාර… Read More බෙන්තොට විහාර සංකීර්ණය

උඩඟු නොව මහණ

කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලක්දිව උපසම්පදාව යළි පිහිටවූ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට සරණංකර නාහිමියන්ට සංඝරාජ පදවිය පිරි නැමීය. සරණංකර හිමි ඉන්පසු කළේ “උඩඟු නොව මහණ” යනුවෙන් උන් වහන්සේ වැඩ උන් කුටියේ උළුවස්සේ තල්පතක ලියා තැබිමයි. පසුකලෙක එය උළුවස්සේ කෙටූ බවද සඳහන් වේ. ඒ සමස්ත ලක්දිවම සංඝරාජ පදවිය ලැබූ යතිවරයාණන්ය. මේ දකින මට වර්තමාන සමාජයේ ඩිජිටල් ක්‍රමයට… Read More උඩඟු නොව මහණ

සාසනික පුබුදුව ඇති වුනේ පහතරටයි.

බෝධිසත්ව ගුණෝපේත වැලිවිට සඞඝරාජ නාහිමියෝ සිල්වත් පරපුරක් අරඹා පසුව සියමයෙන් භික්ෂුන් වහන්සේලා වැඩම කොට උපසම්පදාව පිහිටුවනු ලැබුවත් උඩරට එතරම් සාසනික ප්‍රබෝධයක් ඇති නොවීය. සාසනික ප්‍රබෝධය ඇති වුනේ පහතරටයි. මුලදී මාතර, ගාලු ප්‍රදේශවලත් පසුව කළුතර, කොළඹ සහ ගම්පහත් ය. සඞඝරාජ නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹුණු ධර්ම-ශාස්ත්‍ර ආයතනය මහනුවර ඇම්බැක්කේ නියමකන්ද පිරිවෙනයි. නමුත් මේ පිරිවෙන වැඩිකල් සමෘද්ධිමත්ව පැවති බව… Read More සාසනික පුබුදුව ඇති වුනේ පහතරටයි.

නූතන බෞද්ධ පඬියන් සහ අපේ යතිවරු

අද තාක්ෂණයේ දියුණුව නිසා ධර්මය සීඝ්‍රයෙන් පැතිරෙමින් පොට්, පුවත් පත්, සඟරා, කැසට් පට, ඩී.වී.ඩී., රූපවහිනි, අන්තර්ජාය ආදී විවිධ මාධ්‍ය ඔස්සේ ගිහි පැවිදි බොහෝ දෙනා ධර්ම ප්‍රචාර කටයුතු කරති. ලංකාවේ හාමුදුරු කෙනෙක් අද මේ දේශනා කරන ධර්මයක් අන්තර්ජාලය ඔස්සේ එසැනින් ලෝකයේ අනෙක් අද්දර කොරියාවේ හෝ ඇමෙරිකාවේ සිටින කෙනෙකුට ශ්‍රව්‍ය-දෘෂ්‍ය දෙ ආකාරයෙන්ම ග්‍රහණය කර ගත හැක. අද… Read More නූතන බෞද්ධ පඬියන් සහ අපේ යතිවරු

අපේ මෑත පිරිවෙන් සම්ප්‍රදායේ නැගීම සහ බැසීම

අපේ රටේ බුදුසසුන පිරිහෙමින් පැවති කාලයක සියම් රටෙන් වැඩමවූ උපාලි හිමියන් මාර්ගයෙන් උපසම්පදාව යළි පිහිටුවා බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා කටයුතු කලේ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමි ය. ඉන්පසු උන්වහන්සේ මෙරට ශ්‍යාමෝපාලී මහා නිකාය පිහුටුවන ලද අතර සංඝරාජ පදවියෙන් පිදුම් ලදහ. වේහැල්ලේ නාහිමි සිසු පරපුර වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ගිහි කළ ඥාති සොහොයුරෙක් වේහැල්ලේ ධම්මදින්න හිමි නමින්… Read More අපේ මෑත පිරිවෙන් සම්ප්‍රදායේ නැගීම සහ බැසීම