සුදු-රිපබ්ලිකන් ජාතිකත්වය සහ සිංහල බෞද්ධ ජාතිකත්වය

සුදු-රිපබ්ලිකන් ජාතිකත්වය


ඇමෙරිකාවෙ ප්‍රධාන දේශපාලන ධාරා දෙකක් තියෙනවා. එකක් වාම-ලිබරල්-ජාත්‍යන්තරවාදි-ඩිමොක්‍රටික් දේශපාලනය. අනිත් එක කොසවටිව් ජාතිකවාදි-රිපබ්ලිකන් දේශපාලනය. දැන් වාම ලිබරල් දේශපානය නරක වුනාට අර රිපබ්ලිකන් දේශපාලනය හොඳ වෙන්නෙ නෑ. ඇමෙරිකාවෙ රිපබ්ලිකන් දේශපානය මාරයි වගේ කතාත් අපේ ඊනියා ජාතිකවාදියෝ කියන්න අරන්. මම දැක්කා එහෙමත් පෝස්ට් එහෙන් මෙහෙන් ෂෙයා වෙනවා. ඇමෙරිකන් රිපබ්ලිකන් දේශපාලනය සුදු අධිරාජ්‍යවාදි දේශපාලනයක්. හිලරි ක්ලින්ටන් නරක වුන පලියට ජෝජ් බුෂ් හොඳ වෙන්නෙ නෑ. ජෝජ් බුෂ් ගෙ කාලෙදි තමයි ස්වාධීන රටක් වුන ඉරාකය ආක්‍රමණය කරලා විනාශ කළේ. ඩික් චෙනි කියන්නෙ කව්ද කියල හොයල බලන්න. ඔය පක්ෂ දෙකෙන්ම එක සේ අධිරාජ්‍යවාදී හස්තය ක්‍රියාත්මක වෙනවා.

ට්‍රම්ප්ගෙ දේශපාලනය සාම්‍ප්‍රදායික රිපබ්ලිකන් දේශපාලනයෙන් පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. ට්‍රම්ප්ට මම කැමතියි. ට්‍රම්ප්ට මම කැමති ඔහු ඇමෙරිකාවෙ සුපිරි ව්‍යුහයට පිටින් ආපු ඊට විරුද්ධ වූ කෙනෙක් නිසා. ඒ අනුව ඔහු නූතනවාදයට ප්‍රතිපක්ෂ කෙනෙක්. ට්‍රම්ප්ට සහාය ලැබුනේ විශේෂයෙන් ඇමෙරිකාවෙ දකුණු ජනපදවලින්. ඇමෙරිකාවෙ උතුරු සහ දකුණු ජනපද අතර විශාල සංස්කෘතික වෙනසක් තියෙනවා. නමුත් ට්‍රම්ප්ට සහය ලැබෙන සුදු-රිපබ්ලිකන් ජාතිකත්වය තුළ වර්ගවාදී සංඝටකයක් තියෙනවා. කලු මිනිස්සුන්ට ඔවුන් විරුද්ධයි.

Image may contain: 2 people, crowd and outdoor

කළු නිදහස් අරගලය


නමුත් අදටත් ඇමෙරිකාවෙ තියෙන්නෙ සුදු අධිරාජ්‍ය වාදී දේශපාලනයක්. ඒ තුළ කලු මිනිහට ඉඩක් නෑ. දකුණු ඇමෙරිකාව ආක්‍රමණය කරලා විනාශ කරපු ස්පාඤ්ඤක්කාරයන්ගේ, ඇබොරිජිනල් වරුන්ව විනාශ කරපු ඕස්ට්‍රේලියානුවන්ගේ, ස්වජාතික කලු මිනිස්සුන්ව මර්ධනය කරපු බෝයර්කාරයන්ගෙ, කොංගෝව විනාශ කරපු බෙල්ජියන් කාරයන්ගෙ, සිංහල අපේ රට විනාස කරපු ඉන්ගිරිසින්ගෙ සුදු ස්වෝත්තම අධිරාජ්‍යවාදී දේශපාලනයම තමයි ඇමෙරිකාවෙ තියෙන්නෙ. ඇමෙරිකාවෙ කලු මිනිහව පාගන්නෙ ඒ තුළයි.

ක්ලැශියස් ක්ලේ මුස්ලිම් ආගම වැළඳ ගන්නෙ ඒකයි. මාටින් ලූතර් කිං ව මරල දාන්නේ ඒකයි. මයිකල් ජැක්සන් හම සුදු කර ගන්න හදන්නේ ඒකයි. නැට් ටර්නර් “බර්ත් ඔෆ් අ නේෂන්” කියල චිත්‍රපටියක් 2016 හදන්නේ ඒකයි. ඒ ක්‍රියාදාමය අදටත් ඇමෙරිකාවෙ ඉවරයක් වෙලා නෑ. අදටත් ඒක සිදු වෙමින් පවතිනවා.

සුදු-රිපබ්ලිකන් ජාතිකත්වය තේරුම් ගන්න ග්‍රිෆිත් ගෙ “බර්ත් ඔෆ් අ නේෂන්” චිත්‍රපටිය නරඹන්න පුළුවන්. එහි කළු මිනිසුන්ව අපරාධකාරයන්, මිනීමරුවන් විදියට racial stereotyping කරනවා. මම දැක්කා ලංකාවෙ කොන්සවටිව් ජාතිකවාදියොත් ඒකම කරනවා.ඉදිරියටත් මේ අය කලු මිනිස්සු සහජයෙන්ම අපරාධකාරයෝ වගේ පෙන්වන්න දේවල් අන්තර්ජාලයෙන් හොය හොය පළකරනව දැක ගන්න පුළුවන් වේවි.

කලු මිනිස්සු ඇමෙරිකාවට ආපු සංක්‍රමණිකයොවත්, ආක්‍රමණිකයො වත් නෙවෙයි. ඔවුන් එහි ගෙන ආවේ බලෙන් වහලුන් විදියට. බලෙන් ගෙන ආපු ඒ මිනිස්සුනව සියවස් ගණනක් මර්ධනයට වෙන්කොට තැබීම තුළ ඔවුන් අතර උප සංස්කෘතියක් ඇති වෙනවා තමයි. ඒ උප සංස්කෘතිය තුළ ඔවුන්ට ප්‍රධාන සංස්කෘතියට විරෝධයක් ඇති වෙන එකත් වළක්වන්න බෑ.

වාම ලිබරල්වාදය

Image may contain: 12 people, crowd and outdoor

කෙසේ නමුත් වත්මන් ඇමෙරිකාව තුළ සිදු වන උද්ඝෝෂණ පසු පස ට්‍රම්ප් ව බලයෙන් පහ කිරීමේ අභිලාෂය සහිත වාම ලිබරල් ව්‍යාපාරයත්, ගෝලීය සුපිරි ව්‍යුහයත් ඉන්නව කියල පැහැදිලියි.

ඕස්ට්‍රේලියාවෙ ස්වදේශික මිනිස්සුන්ගෙ (ඇබොරිජිනල්ස්ලා) අයිතින් වෙනුවෙන් උද්ඝෝෂණ තියෙනවා. මමත් මේව දැකල තියෙනවා. මේවා ගොඩක් කරන්නේ වාම ලිබරල් වාදීන්. වාම ලිබරල්වාදීන් මේවා කළ පළියට කවුරු හරි ලංකාවෙ කොන්සවටිව් ජාතිකවාදියෙක් කියනව නම් ඕස්ට්‍රේලියාවෙ සුදු පාලනය ඇබොරිජිනල් මිනිස්සුන්ව පෑගුවේ නෑ කියලා, අන්න ඒ වගේ ගොන් පාට් තමයි අර ඇමෙරිකන් නියෝලිබරල් කාරයන්ගෙ උද්ඝෝෂණ පෙන්නලා ඇමෙරිකාවේ කලු මිනිසුන්ට වෙන වෙනස්කම් ගැන කතා කරන්න යන එක.

බිකෝ – දකුණු අප්‍රිකාවෙන් උදාහරණයක්

Image may contain: 1 person, close-up

සමහරු වාම ලිබරල් ව්‍යාපාර වල උද්ඝෝෂණ පෙන්නලා සුදු ස්වෝත්තමවාදය සාධාරණය කරන්න දඟලන බව පේනවා. ඇමෙරිකාවෙ කලු මිනිස්සුන්ට ඇති වෙලා තියෙන තත්වය තේරුම් ගන්න පුලුවන් වාම ලිබරල් ව්‍යාපාරවල උද්ඝෝෂණවලින් නෙවෙයි. ඒක තේරුම් ගන්න පුළුවන් ස්ටීව් බිකෝ ගෙන්.

ස්ටීව් බිකෝ දකුණු අප්‍රිකාවේ ජාතික චින්තන ව්‍යාපාරයේ නියමුවා. ස්ටිව් බිකෝ බෝයර්වරුන්ගේ වර්ගවාදී දේශපාලනයට විරුද්ධ වුනා.දකුණු අප්‍රිකාවේ බෝයර්වරුන්ගෙත් තිබ්බේ යම්කිසි බෝයර්-ජාතිකත්ව දේශපාලනයක් තමා. බෝයර්වරුන්ගේ දේශපාලනය එක විදියකට සම කරන්න පුළුවන් ඇමෙරිකාවෙ රිපබ්ලිකන් දේශපාලනයට. ඒක එක පැත්තකින් ජාතිකවාදයක් වන නමුත් සුදු වර්ගවාදී ලක්ෂණත් තියෙනවා. දකුණු අප්‍රිකාවේ සුදු – ලිබරල් ව්‍යාපාරය බෝයර් දේශපාලනයට විරුද්ධ වුනා. දකුණු අප්‍රිකාවේ සුදු – ලිබරල් දේශපාලනය ඇන්ග්ලෝ සැක්සන් එකක්.

ස්ට්වී බිකෝ බෝයර් වර්ගවාදී දේශපාලනයට වගේම දකුණු අප්‍රිකාවේ සුදු ලිබරල් දේශපාලනයටත් විරුද්ධ වුනා. ඔහු කතා කළේ කලු විඥාණයක් (Black Consciousnesses ) ගැන. ඇමෙරිකාවේ මැල්කම් එක්ස් කතා කළෙත් ඒ වගේ එකක් තමා. නමුත් අවාසනවාකට දකුණු අප්‍රිකාවේ බිකෝ යට ගිහිල්ලා මැන්ඩෙලා උඩ එන අතර, ඇමෙරිකාවෙ මැල්කම් එක්ස් යට ගිහින් මාටින් ලූතර් කිං උඩ ආවා.


බ්‍රසීලයේ සහ ඇමෙරිකාවේ වෙනස

Image may contain: 11 people, outdoor

බටහිර අප්‍රිකාවෙන් කලු වහලුන් අරන් ගියේ ඇමෙරිකාවට විතරක් නෙවෙයි, බ්‍රසීලය වගේ රටවලටත් කලු වහලුන් විශාල ප්‍රමාණයක් අරන් ගියා. නමුත් කාලයක් යද්දි වහල් ක්‍රමය අහෝසි වෙලා බ්‍රසීලයේ කලු මිනිස්සු බ්‍රසීල ජාතියට එකතු වුනා. බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායම බලන්න. ඒකෙ තනි සුදු ක්‍රීඩකයෝ, තනි කලු ක්‍රීඩකයෝ වගේම ඒ දෙක අතර විවිධ ප්‍රමාණයේ මිශ්‍රණයන් දකින්න පුළුවන්.

බ්‍රසීලයත් දරුණු විදියට අපරාධ වගේම පොලිස් මර්ධනයක් තියෙන රටක්. නමුත් බ්‍රසීලයේ පොලිසිය කවදාවත් කලු මිනිසුන් එලවා යාමක් ගැන අහන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම බ්‍රසීලයේ කලු මිනිසුන්ගේ නිදහස් අරගල ගැන අහන්න ලැබෙන්නෙත් බෑ. බ්‍රසීලයේ වහල් ක්‍රමය අහෝසි කළේ ඇමෙරිකාවෙ වහල් ක්‍රමය අහෝසි කළාටත් අවුරුදු 50කට පස්සෙ. බ්‍රසීලය කතෝලික සංස්කෘතියක් තියෙන රටක්.

බ්‍රසීලයේ වගේ ඇමෙරිකාවෙ කලු මිනිහා ඇමෙරිකන් ජාතියට එකතු වුනේ නැත්තෙ ඇයි කියන එකට අද ලංකාවෙ ඉන්න ඇමෙරිකන් කොන්සවටිව් ජාතිකවාදීන්ට උත්තරයක් නෑ.

සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනස් වෙන අයුරු


ඇමෙරිකාවෙ සුදු-රිපබ්ලිකන් ජාතිකත්වය අපේ රටේ සිංහල බෞද්ධ ජාතිකත්වය හා සසඳන්න බැහැ. මැලේ කාරයන්ගෙ ඉඳන් කේරළයේ මලයාලින් දක්වා මිනිස්සුන්ව අපි සතුටින් පිළිගත්තා. සෙනරත් රජ්ජුරුවෝ කතෝලිකයන්ව වහකෝට්ටේ පදිංචි කරලා බේරාගත්තා. මුස්ලිම් මිනිස්සුන්ව මඩකලපුවේ පදිංචි කළා. අපි ට්‍රම්ප්ව පිළිගන්න අතරෙ ඇමෙරිකන් සුදු-රිපබ්ලිකන් ජාතිකවාදයේ වර්ගවාදයත් ප්‍රතික්ෂේප කරන්න ඕන.

හිට්ලරුත් ජාතිකවාදියෙක් තමා. නාසිවාදයත් ජාතිකවාදයක්. නාසිවාදීන් ඉස්සෙල්ලම කළේ ජර්මනියෙ හිටිය සමාජවාදීන් ටික මරල දාපු එක. හිට්ලර්ට එරෙහි වුන ප්‍රධාන පිරිස තමයි ඒ කාලෙ ජර්මනියෙ හිටිය වාමාංශිකයෝ. අද අර්ථයෙන් කියනව නම් ලෙෆ්ට් ලිබරල් ලා. ලෙෆ්ට් ලිබරල්ලා අවුල් වුනා කියල හිට්ලර් හොඳ වෙන්නෙ නෑ. හිට්ලර්ගෙ ජාතිකවාදය යුරෝපයේ හිටිය ලක්ෂ 60ක් විතර අහිංසක යුදෙව්වො දරු පවුල් පිටින් වධකාගාරාවල මරල දැම්මා.

ලංකාවෙ ජාතිකත්වය සිංහල බෞද්ධ ජාතිකවාදයක්. සිංහල බෞද්ධ ජාතිකත්වය ලෝකෙ අනෙක් ජාතිකත්ව වලින් වෙනස් වන දෙවිදියක් තියෙනවා;
1. ඒක ලංකාවෙ අනිත් ජනවර්ග පාගන්නෙ නෑ
2. ඒක ලෝකයේ අනිත් ජාතීන් කෙරෙහි ආක්‍රමණශීලි හෝ ව්‍යාප්තවාදී නෑ (ඉතිහාසයේ ඉඳන්ම එහෙමයි.)

ඒ නිසා අපේ ජාතිකත්වය දකුණු අප්‍රිකාවෙ කලු මිනිස්සුන්ව මර්ධනය කරපු වෙන් කරපු බෝයර්වරුන්ගෙ ජාතිකත්වයෙන් වගේම ලෝක ව්‍යාප්තවාදී ඇමෙරිකන් රිපබ්ලිකන් ජාතිකත්වයෙන්, කලාපයේ ව්‍යාප්තවාදය පතුරුවන ඉන්දියාවේ මෝඩි ගෙ ජාතිකත්වයෙනුත් වෙනස්.


Leave a comment