“හතේ අපේ පොත” ට පසුව එන පොත්

Image may contain: 7 people, people smiling, people standing

“හතේ අපේ පොත” නමින් අපේ රටේ පාසල් දරුවන්ට නිකුත් කරන ලද පොතක් සම්බන්ධයෙන් පසු ගිය දා වාද විවාද ඇති විය. මේ පොතේ පාසල් දරුන්වට “ලිංගික අධ්‍යාපනය” ලබා දීම උදෙසා වන කොටස් කිහිපයක් ඇති බව කියැවෙයි. මා පොත කියවා නැතත් දැනගන්නට ඇති කරුණු අනුව එහි විවාදයට තුඩු දී ඇත්තේ ස්වයං වින්දනය සාමාන්‍ය දෙයක් බවට දැක්වෙන කොටස් කිහිපයකි. මීට අප රටේ භික්ෂූන් වහන්සේගේ විරෝධය එල්ල වූ අතර පෙරළා ඒ විවේචනය කළ භික්ෂූන් වහන්සේට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන මෙන්ම ගල් මුල් ද එල්ල විය. බැලූ බැල්මට මේ පොතේ දැක්වෙන කාරණා අතර බරපතළ ගැටළු ඇති වන යමක් කෙනෙකුට නොපෙනෙන්නට පුළුවන. එහි ඇත්තේ ස්වයං වින්දනය සාමාන්‍ය දෙයක් බවයි. ( මා වැරදි නම් නිවැරදි කරන්න.) නව යොවුන් වියට එළැඹෙන බොහෝ ළමුන් ස්වයං වින්දනයේ යෙදෙන බව සාමාන්‍ය දෙයකි.

නමුත් මේ ගැන කිව යුතු කාරණා කිහිපයක් වෙයි. මේ ව්‍යාපෘතිය කුමක්දැයි මම නොදනිමි. නමුත් මේ පසුපස රාජ්‍ය නොවන සංවිධාන හෝ ක්‍රියාධරයන් සිටින බව පෙනේ. මේ සඳහා වූ සංවාද වැඩසටහනකට අනෝමා ජනාදරී නම් නිළිය ගෙන්වා තිබිණි. භික්ෂුන් වහන්සේට මේ ගැන කතා කිරීමට අයිතියක් නොවේ නම් අනෝමා ජනාදරීට ඊට ඇති සුදුසුකම කුමක්දැයි පඬියෝ නොවිමසති.

දැනට වසර කිහිපයකට පෙර බටහිර ලිබරල් සංස්කෘතියක් ඇති ඕස්ට්‍රේලියාවේ Safe Schools නමින් වැඩසටහනක් ආරම්භ විය. මේ ව්‍යාපෘතියට අදාළ නිල තොරතුරුවල ඇත්තේ LGBTQI ලෙසින් හැඳින්වෙන සමලිංගික, ද්විලිංගික ආදි විෂමලිංගික කුල වල දරුවන්ට පාසල් තුළ හිරිහැර (Bullying) නොවන ආකාරයේ පරිසරයක් හැදීම බවයි. අන්තර්ජාලයේ මේ වැඩසටහන පිළිබඳ පරීක්ෂාකරන යමෙකුට පෙනී යන්නේ ඒ කාරණාවයි. නමුත් මේ වැඩසටහනට අදාළව සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ පාසල් දරුවන් අතර පොදුවේ සමලිංගිකත්වය ප්‍රචාරණය කරන වැඩ පිළිවලකි. ඒ අනුව පොදුවේ සියළු දරුවනට ආදි විවිධ මාදිලියේ පූර්ව සමලිංගික ක්‍රියාකාරකම් වලට හුරු කරවා ඇත.

මේ වැඩසටහන පිටිපස ඇත්තේ සමලිංගික සංවිධානයි. මේ වැඩසනට අදාළව පාසල් දරුවනට ලබා දෙන දැනුම Gender Theory නමින් හැඳින්වෙන ප්‍රවාදයක් මත පදනම් ව ගොඩ නැගුනකි. මේ ප්‍රවාදයට අනුව ලිංගිකත්වය ප්‍රවේණිමය කාරණයක් නොව මුළුමනින්ම සමාජ-සංස්කෘතික කාරනාවකි. උදාහරණයකට පුරුෂයකුට ස්ත්‍රියක කෙරෙහි ආශාවක් ඇති වීම ස්වභාවිකම ඇති වන්නක් නොව ඔහුගේ මනසට කුඩා කල සිට සමාජය සහ සංස්කෘතිය විසින් හුරු කරන්නකි. ඒ අනුව ලිංගිකත්වය ප්‍රවේණිමය වශයෙන් ඇති වන්නක් නොව හුදු තෝරාගැනීමකි. මෙවන් සම්පූර්ණ අභූත ප්‍රවාද මත පදනම් වූ මේ ලිංගික අධ්‍යාපනය කුඩා දරුවන්ගේ මනස විකෘති කරන්නකි.

මේ වැඩසටහනේ සත්‍ය තොරතුරු ගැන දැනගත් වහාම ඕස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියෝ ඊට බලවත් විරොධය දැක් වූ අතර ඇතැම් ප්‍රාන්ත වලින් එකී වැඩසටහන පසුව ඉවත් කර ගැනිණි. මේ සමඟ අමුනා ඇති රූ පට වල ඇත්තේ එලෙස මේ වැඩසටහනට විරුද්ධව ප්‍රබල හඬක් නැගූ එක් මවක් මේ වැඩසටහනේ සත්‍ය ස්වභවය හෙළි කරන ආකාරයයි. ඇය දක්වන ඇතැම් කරුනු ඇඟ කිළිපොලා යන ආකාරයේ ඒවාය. අවශ්‍ය කෙනෙකුට ඇගේ මුහුණුපොත් පිටුවට ගොස් මේ ගැන වැඩි අවබෝධයක් ලබා ගත හැක.

අපේ පාසල් අධ්‍යාපනය මුළුමනින්ම අනුකාරක අධ්‍යාපනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අප කරන්නේ විදෙස් රටවල වැඩසටහන් අමු අමුවේ කොපි කිරීමකි. හතේ අපේ පොත බැලු බැල්මට අහිංසක ප්‍රයත්නකි. නමුත් එය පළමු අදියර විය හැක. ඉන් පසු හතේ අපේ පොතට එකතු වන්නේ නිවැරදිව ස්වයං වින්දනයේ යෙදෙන ආකාරය පිළිබඳ පාඩමකි. නැතිනම් ගැහැණු ළමයකුට ඩිල්ඩෝවක් සෞඛ්‍ය සම්පන්නව භාවිතා කරන ආකාරය පිළිබඳ පාඩමකි. (ඉහත Safe Schools වැඩසටනේ එවැනි දේ ඇති බව ඇය සඳහන් කරයි.) නැතිනම් සමලිංගිකත්වයද සාමාන්‍ය බව කියැවෙන පාඩමකි. එදාට අනෝමා ජනාදරිලාද ඒ වෙනුවෙන් තවත් හයියෙන් කතා කරනු ඇත. නමුත් ඒ වන විට පියවරෙන් පියවර අප එතනට ගොස් හමාර ය.

Leave a comment