තිත්තිර ජාතකයේ වටුවා ගේ කතාව

මැහැදුරු නලින් ද සිල්වා මාතලේ රැස් වීමට සහභාගී වූ අවස්ථාවේ කිසිවකු ඔහුට වේදිකාවේ තැනක් ලබා නොදීම ගැන බුකී වාසියෙක් වශයෙන් මගේ අප්‍රසාදය.
එතුමා එහි ගියේ කිසිවකුගේ ආරාධනයෙන් නොවුණත්, ඔහුව හඳුනාගෙන වේදිකාවේ අසුන් පිරිනැමීමට රැස්වීම සංවිධානය කළ කිසිවකු කටයුතු කර නැහැ. අසනීප තත්වයෙන් මහ වැස්සේ කුඩයක් ඔසවාගෙන රැස්වීම තිබුන පිටියේ කොණක වාඩි වෙල හිටිය එතුමගෙ කුඩේ අකුළන්න කියලා රැස්වීමට ආපු අය කෑ ගහල

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවයේදී එතුමාට අසුන් පිරි නැමිය යුතුව තිබුණේ ගුණදාස අමරසේකර මහතා අසළින්. පසුපසින් එතුමාව අසුන් ගැන්වීම සිතා මතා කළ කුපාඩි වැඩක්.

මට මතක් වෙන්නේ තිත්තිර ජාතකය. අර කුඩේද රටද කියල ඇහුවේ නුග පැලේ දල්ල කඩන් කාපු වඳුරො වෙන්න පුලුවන්. බුකියෙ ඉන්න පොහොට්ටු චූන් කාරයෝ නම් මට පේන්නෙ නුග පැලේ දැකපු වත් නැති නුග ගහේ එල්ලිලා කොළ අතු කඩන් කකා දඟලන වඳුරො ටිකක් වගේ. නුග ඇටේ පැළ කරපු වටුවා කව්ද කියන උන් කවුරුත් දන්නෙ නෑ.

මේවට ලයික් ෂෙයා නම් වැටෙන එකක් නෑ. දැන් පොහොට්ටු චූන් කාරයෝ කියන්න පුළුවන් මේකෙන් ගෝඨාභයගෙ ඡන්ද කැඩිලා සජිත් ජනාධිපති වෙයි කියලා. කෙළෙහි ගුණ නොදන්නා ජාතියකට හරි යන්නෙ නෑ.

Leave a comment