“පරමාධිපත්‍යය” (Sovereignty) – අපට නොතේරෙන අලි කුණු හබ්බය

නූතන ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය අනුව “පරමාධිපත්‍යය” (Sovereignty) කියල එකක් ගැන කියැවෙනවා. දේශපාලනයේ බොහෝ දේ අර්ථකතනය වෙන්නේ මේ “පරමාධිපත්‍යය” (Sovereignty) පදනම් සංකල්පය කරගෙනයි. විශේෂයෙන් සන්ධීය සහ ඒකීය රාජ්‍යය වගේ සංකල්ප තේරුම් ගන්න මේ “පරමාධිපත්‍යය” කියන සංකල්පය එක තේරුම් ගන්න එක වැදගත්. ප්‍රජාතත්‍රවාදී ක්‍රමය අනුව පරමාධිපත්‍ය බලය හිමි ජනතාවටයි. ඒක නිසා ඒක “ජනතා පරමාධිපත්‍යය”

මම නම් හිතන්නේ නෑ ලංකාවෙ ගොඩක් දෙනාට මේක මොකක්ද කියලා හරියට තේරෙනවා කියලා. ධර්මසේන පතිරාජ ගේ සොල්දාදු උන්නැගේ චිත්‍රපටයේත් මේ ගැන කියැවෙනවා. ඒකෙ මාලනි ෆොන්සේකා කියන්නේ “ඒක නම් මටත් නොතේරෙන “අලි කුණුහබ්බයක්” කියලයි. ඒක එහෙම තමයි. මටත් මේක හරියට ග්‍රහණය වුන සංකල්පයක් නෙවෙයි. මම මේ ගැන මහැදුරු නලින් ද සිල්වාගෙන් ඇහුවම එතුමා තමයි මේ සංකල්පය මොකක්ද කියන එක ගැන යම් වැටහීමක් මට ලබා දුන්නේ.
එතුමා පැහැදිලි කර දුන් පරිදි “පරමාධිපත්‍යය” කියන්නේ සම්පූර්ණ ක්‍රිස්තියානි සංකල්පයක්.

සියළු බලයයන් පවතින්නේ ලෝකය මැවූ සර්ව බලධාරී දෙවියන් වහන්සේට. ඒ අනුව සැබෑ පරමාධිපත්‍යය තියෙන්නේ දෙවියන් වහන්සේට. පාප් වහන්සේ දෙවියන්වහන්සේගේ නියෝජිතයා ලෙස ඒ පරමාධිපත්‍ය බලයෙන් කොටසක් තමන් සතු කර ගත්තා. යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ ලෝකය පාලනය කලේ, රටවල් වල වෙන්න ඕන මොකක්ද සියල්ල තීරණය කිරීමේ අයිතිය පැවතුනේ පාප්වහන්සේට. අර යුද්ධය හා සාමය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තිබුනේ ඔහුට. මේ අනුව ලෝකයේ සෙසු රටවල් ආක්‍රමණය කරන්න, ඒවායේ මිනිස්සු, සම්පත් ගැන තීරණ ගැනීමේ අයිතිය ඔහු සතු වුනා. ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයත් එක්ක මේක පාප්වහන්සේගෙන් මේක රජවරුන්ට මාරු වුනා. විශේෂයෙන් එංගලන්තයේ රජුට. 19 වන සියවසේ මුළු යුරෝපයේම තිබ්බෙ එක රජ පවුලක්. හිරු නොබසින අධිරාජ්‍යය. පසුව ක්‍රමයෙන් වෙස්මිනිස්ටර් ක්‍රමය අනුව මේක පාර්ලිමේන්තුවට මාරු වුනා. ඒක බල අරගලය පිළිබඳ වෙනම කතාවක්.

පරමාධිත්‍ය බලයක් කවදාවත් ජනතාවට තිබුනේ නෑ. මට නම් හිතෙන්නේ ඒක ප්‍රෝඪාකාරි වචනයක් විතරයි. ඒක දෙවියන්වහන්සේගේ බලය උඩ ඉඳන් පහළට ගලා යාමක් පමණයි. උඩ ඉන්න කෙනාට බලය වැඩියි. පහළට යද්දි බලය අඩුයි.

Leave a comment