පිදුරංගල පුක පෙන්වීම සහ මුහුණු පොතේ පුක පෙන්වීම

පිදුරංගල පුක පෙන්නපු තරුණයෝ දෙන්නා ඒක කළේ පිදුරංගල බෞද්ධ විහාරස්ථානයට අපහාසයක් විදියට කියලා මම හිතන්නෙ නෑ. ඔවුන් හුදු ජනප්‍රිය සංස්කෘතියේ අනුකාරයන් පමණයි. බටහිර රටක මොකක් හරි පුකේ රැල්ලක් ආවත් ඒක ඉස්සෙල්ලම අනුකරණය කරන පිරිසට අනිත් අයට වඩා තැනක් ලැබෙනවා. කෙසේ හෝ මොවුන් අත් අඩංගුවට ගැනීම හොඳ දෙයක්. මොවුන්ට අවවාද කර පිටත් කර හැරීම හෝ පිදුරංගල හෝ වෙනත් පැරණි බෞද්ධ විහාරස්ථානයක සුද්ධ පවිත්‍ර කටයුතු වල යෙදීමට නියම කිරීම වැනි දෙයක් මිස සිර ගත කිරීම නුසුදුසුයි කියලා මට හිතෙනවා.

කෙසේ නමුත් මුහුණු පොත ඔස්සේ බුදුන් වහන්සේට,බුද්ධාගමට සහ බෞද්ධ සංස්කෘතියට සිතා මතා පුක පෙන්නමින් සිටින තරුණ පිරිසක් ඉන්නවා. මොවුන් සම්බන්ධයෙන් නම් ක්‍රියා මාර්ගයක් ගන්න එක වඩා වටිනවා.මොකද ඔවුන් ඒක කරන්නේ සිතා මතාමයි.

Leave a comment