හිතුමතේ ජීවිතේ

Image may contain: 1 person

හිතුමතේ ජීවිතේ හෙවත් සුමතිපාල නැමති පුද්ගලයාගේ ජීවිත කතාව විශ්මයජනකය. ඔහු සිය සොයුරිය මරා දැමූ පුද්ගලයන් පස් දෙනෙකු හෝ ඇතැම් තැනක සඳහන් වන පරිදි සත් දෙනෙකු වරින් වර මරා දමයි. පළමු ඝාතණයෙන් පසු අනෙක් සියළු ඝාතන සඳහා ඔහු සිරගෙයින් වරින් වර පනියි. ඔහුව මරා දැමීමට සිර ගෙට එන පුද්ගලයාද ඔහු මරා දමයි.

සුමතිපාලගේ සොයුරිය දූෂණය කිරීමට මුල්වන්නේ ප්‍රදේශයේ දේශපාලඥයෙකි. ඔහුවද සුමතිපාල විසින් මරා දැමූ බව සඳහන්ය. ඔහු මෑතක සඳහන් කළ පරිදි මේ දේශපාලඥයාගේ පුත්‍රයා වත්මන් ඇමති වරයෙකි. මේ පිළිබඳ සොයා බැලූ මට මේ තොරතුරු හා සැසදෙන පිය පුතු යුගලයක් සොයා ගැනීමට නොහැකි විය. සුමතිපාල සඳහන් කරන දේශපාලඥයා එවකට කළුතර මන්ත්‍රීය. මේ වකවානුවේ කළුතර මන්ත්‍රී සමසමාජ පක්ෂයේ චම්ලි ගුණවර්ධනයි. චම්ලි ගුණවර්ධන මෙවැනි දෙයක් කළේ යැයි සිතීම අපහසුය. ඔහුගේ පුත්‍රයෙකු දේශපාලනයේ නොමැත. ඔහු දැනට කලකට පෙර ඉතා වෘද්ධ වියේ මිය ගියේය.

දැනට දේශපාලනයේ සිටින කළුතර ඇමතිවරුන් ගේ පියවරුන් 70 දශකයේ දේශපාලනයේ සිටි බවට තොරතුරු මට හමු නොවීය. සුමතිපාල සඳහන් කරන්නේ කළුතර නාගරික මන්ත්‍රී කෙනෙක් ගැන විය හැකිද? නැතිනම් ඔහුගේ මතකය අවුල් වී ගොස්ද? නැතිනම් ඔහුගේ මේ කතාව ප්‍රබන්ධයක්ද? ඔබේ අදහස්?

කෙසේ නමුත් සුමතිපාල මෑතක නෑවත අත් අඩංගුවට පත් වී ඇත. ඔහුට අනුව ඒ අභූත චෝදනාවකටය.

Leave a comment