සබරගමු සරසවියේ මිය ගිය සිසුවියට සාධාරණය ඉටු කරනු

Image may contain: 1 person, smiling

වසර තුනකට පෙර සබරගමු සරසවියේ සිසුවියක් නවකවදය නිසා සිත් තැවුලෙන් සිය දිවි නසා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් නැවත කතාබහක් ඇති වී තියෙනවා. ඇයට වඩා හිරිහැර කර ඇත්තේ ඇගේම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙනෙක්. කෙසේ වුවත් මේ සිද්ධිය ගැන මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ඇතැයි කියන තැනැත්තියක්, සටහනක තබා ඇත්තේ ඇය කොහොමත් විෂාදය නම් රෝගයෙන් පෙළුණු නිසා ඇය කියන දේ විශ්වාස කළ නොහැකි බවත් ඇයට හිරිහැර කළ සිසුවියන් දෙදෙනා සම්බන්ධයෙන් ඇය කියන දෑ ඇගේ සිතේ ඇඳි මායාවන් විය හැකි බවත්ය.

මීට අමතරව මනෝ විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනිය සඳහන් කරන්නේ විෂාදය වැළඳෙන්නේ මොළයේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මිස සිත් තැවුල් වැනි බාහිර භෞතික නොවන කාරණා ඊට බලපාන නොවන බවයි. බටහිර මනෝ විද්‍යාවේ මෙවන් කාරණාවක් සඳහන් දැයි මම නොදනිමි. මගේ තක්සේරුව නම් බටහිර මනෝ විද්‍යාව සෙසු බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයන් හා සැසඳීමේදී දුර්වල ක්ෂේත්‍රයක් බවයි.

මේ ගැන තර්ක විතර්ක කෙසේ වුවත්, මිය ගිය සිසුවියගේ මව මේ ගැන කරන ලද ප්‍රකාශයක් අන්තර් ජාලයේ සංසරණය වෙනවා. එහි ඇය, එක්තරා අවස්ථාවක මේ කියන ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙනා බස් රථයක ගමන් කරන විටක මිය ගිය සිසුවිය තල්ලු කිරීම වැනි ශාරීරික හිංසනයක් සිදු කළ බවත්, ඒ ගැන ඇය ප්‍රශ්න කරන්න ගිය අවස්ථාවේදි මිය ගිය සිසුවිය ඒ වැළකූ පැහැදිලිව දක්වනවා. දැන් මේ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාදාරිනිය අපට කියන්නේ මිය ගිය සිසුවියගේ මවටත් විෂාදය ඇති බවද?

මේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාදාරිනිය සමාජවාදිනියක් බව ඇගේ අනෙක් මුහුණු පොත් ප්‍රකාශවලින්ද පෙනෙනවා. ඒ නිසා ඇය මෙතන කරන්නේ නවකවදයට සම්බන්ධ සමාජවාදී පක්ෂවල ගැල වුන රෙද්ද බේරා මේ උත්සාහයක් බව පැහැදිලියි. පන්සලක මෙවැනි දෙයක් වූවා නම් ඇගේ හැසිරීම මීට හාත්පසින් වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

කෙසේ නමුත් තවත් යමක් කිව යුතුයි. මෙතන ඇත්තේ මට පේන අයුරින් නවකවදය සම්බන්ධ ප්‍රශ්නයකට එහා ගිය Bullying නම් තත්වයක්. Bullying ලංකාව වැනි රටවලටත් වඩා බටහිර රටවල දක්නට ලැබෙන තත්වයක්. මේ නිසා බටහිර රටවල් වල පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන වල සිසුන් විශාල වශයෙන් සිය දිවි නසා ගන්නවා. (නවකවදය සරසවි තුළ පවත්නේ ඇයිද කියා බොහෝ දෙනෙකුට නිසි වැටහීමක් නැහැ, නවකවදය කියන්නේ ගම සහ නගරය අතර ගැටුමක්. ඒක වෙන කතාවක්. මෙතන මේ සිද්ධියට සම්බන්ධ ගමෙන් ආ සිසුවියන් දෙදෙනෙක් නෙවෙයි. ඒ දෙදෙනාම කොළඹ ඉහළ පාසල්වල ඉගැනුම ලැබූ අය)

Bullying නිසා සිසු සිසුවියන් සිය දිවි නසා ගන්නේ හුදෙක් ඒ සිසු සිසුවියන්ගේ මොළයේ ඇති වෙන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵල නිසා නෙවෙයි. මේ සිද්ධිය සම්බන්ධව රජය වහා පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

Leave a comment