වේඬරුවේ උපාලි හාමුදුරුවො

Image may contain: 1 person

වේඬරුවේ උපාලි හාමුදුරුවො තමයි මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අපට සාමාන්‍ය පෙළට බුද්ධ ධර්මය විෂයය උගැන්වූයේ. උන්වහන්සේ බුද්ධ ධර්මය උගැන්වූයේ පංති කාමරයට වැඩම කරලා නෙවෙයි. අපව පාසලේ බුදු මැඳුරට අඬ ගහලා. ඒ දවස් වල මම හිතුවේ උන්වහන්සේ එහෙම කළේ පංති කාමරයට වැඩම කරන්න කම්මැලි කම නිසා කියලයි. උන්වහන්සේ එහෙම කළේ ඇයි කියලා පස්සෙ කාලෙක තමයි තේරුනේ. බුදු මැඳුරට අපි ගිහින් ඉස්සෙල්ලම කළේ සපත්තු ගලවලා බිම වාඩි වුන එක.ශ්‍රද්ධාවෙන් තොරව ධර්මය හදාරන්න බෑ.

——

වේඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවෝ අනුශාසනා කරන්නේ “ඔබතුමා හිට්ලර් කෙනෙක් කියලා මිනිස්සු කියනවා. හිට්ලර් කෙනෙක් හරි වෙලා මේ රට හදන්න” කියලයි. හිට්ලර් නම් මම කැමති චරිතයක් නෙවෙයි. උපාලි අනුනායක හාමුදුරුවෝ කියන්නේ හිට්ලර් කෙනෙක් වගේ වැඩ කරන්න කියලා නෙවෙයි. මිනිස්සු ගෝඨාභයට හිට්ලර් කියල කියනවා, හිට්ලර් වගේ වෙලා හරි රට හදන්න කියලයි.

දැන් ඔය කතා පැත්තක තියමු. දැන් මේකට කුලප්පු වෙලා දඟලන කස්ටිය 2010 ෆොන්සේකා රටේ නායකයා කරන්න්න එකතු වෙලා ඡන්දෙ දුන්න අය නේද?



Leave a comment