ඉරණවිල දරු පැටියා

No photo description available.

පසුගිය දා හලාවත ඉරණවිල ප්‍රදේශයේදී දරු පැටියෙකු අමානුෂික අන්දමින් ඝාතණය කර මරා දමා තිබුනා. සේයා දැරියගේ ඝාතණයට ලැබුණු ප්‍රසිද්ධිය මේ සිද්ධියට ලැබුනේ නැහැ. මාධ්‍යයෙන් කෙසේ වුවත් සමාජ ජාලාවල නම් මේ ගැන කතා බහ වුනේ නැහැ. ඒ ඇයිද කියන එක විමසා බැලිය යුතු කාරණාවක්.

කෙසේ නමුත් සැකකරු මුලතිවු ප්‍රදේශයේදී අද දින අත් අඩංගුවට පත්ව ඇති බව දැන ගන්නට ලැබුණා. මේ අවස්ථාවේදි කිව යුතු කාරණාවක් නම් අපරාධ සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී, මට තේරෙන ආකාරයට, ලංකාවේ පොලිසිය බටහිර රටවලට සාපේක්ෂව ඉතා කාර්යක්ෂම බවයි. 60 දශකයේ ඕස්ට්‍රේලියාවෙදි සිදු කළ මෙවන් ළමා ඝාතණයක (Beaumont children) සැකකරුවන් පිළිබඳ කිසිම හෝඩුවාවක් මේ වනතුරුත් ලැබී නැහැ. මේ මෑතක දිනක මේ සිද්ධිය නැවත කරළියට ආවා. ලැබුණ තොරතුරක් මත. නමුත් පසුව එයත් සාවද්‍ය එකක් බව පෙනී ගියා.

මෙලෙස නොවිසඳුනු මනුෂ්‍ය ඝාතණ බටහිර රටවල අනන්තවත් තියෙනවා. මේකට ලංකාවේ සංස්කෘතියත් බලපානවා. අපරාධ කරුවන්ට සැඟවී සිටිය හැකි අවස්ථා අප වැනි සමාජයේ අඩුයි. අල්ලපු ගෙදර ඉන්නේ කව්ද කියලවත් නොදන්නා ප්‍රයිවසියක් රකින බටහිර සමාජයේ අපරාධකරුවන්ට පහසුවෙන් සැඟවී යා හැකියි.

Leave a comment