බ්‍රිගේඩියර් ප්‍රියංකර

Image may contain: 1 person

ලංකාවෙ මිනිස්සු කොච්චරවත් ක්‍රිකට් මැච් වලට ගිහින් සිංහ කොඩිය වනනවා. ඒ වනන්නෙ ‘ජාතික ධජය’ නෙවෙයි ‘ක්‍රිකට් ටීම් එකේ කොඩිය’

අපේ ජාතික ධජයේ නියම අරුත ප්‍රදර්ශනය වන්නේ මේ වගේ අවස්ථාවක. මෙතන බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පෙන්වන්නේ දෙමළ බෙදුම්වාදයට එරෙහිව තමන් ජාතියේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එකයි. ඔහුගේ මුහුණේ තියෙන අහිමානයෙන් කියන්නේ නිකන් පෙනී ඉන්නවා නෙවෙයි, අභිමානයෙන් පෙනී ඉන්නව කියන එකයි. ‘ජාතික’ කොඩියේ නියම අර්ථය තියෙන්නෙ මෙතනයි. ක්‍රිකට් මැච්වල හතරේ එකක් ගැහුවම වනන කොට නෙවෙයි.

මම හිතන්නේ මේ ඡායාරූපය සංකේතාර්ථ සහිත විශිෂ්ට ඡායාරූපයක්. සම්භාවනාවට පත් විය යුතු කලා කෘතියක්. සියවස් ගණනක් මේ ඡායාරූපය අපි අතරේ තියෙන්න ඕන.

මේ පින්තූරෙ බලන කොට අභිමානයක් දැනෙන්නේ නැත්නම් එතන ලොකු අවුලක් තියෙනවා.

Leave a comment