තෙල් හිඟය සහ ගණිත විනෝදය

පොඩි කාලේ අපේ ගෙදර පොතක් තිබ්බා රුසියන් ලේඛක වයි.පෙරල්මාන් ගේ ගණිත විනෝදය කියලා. මේක මම ආසම කරපු පොතක්. මේ පොතේ තිබුනේ එදිනෙදා ජීවිතයේ නොයෙක් දේට ගණිතය සම්බන්ධ කරලා සාමාන්‍යයෙන් හිතනවට වඩා පොඩ්ඩක් එහාට බලන එක.

දැන් මේකත් ඒ වගේ ගණිත ප්‍රශ්නයක්. මේ වගේ ලීටර් පහේ කෑන් වලින් පෙට්‍රල් අරගෙන ලංකාවේ තෙල් සංචිතය හිඳවන්න පුළුවන්ද? එක පාරටම හිතෙන්නේ බෑ මේක විහිළුවක් කියලා. නමුත් කවුරුවත් ඒ නිගමනයට ආවේ ගණන් හදලා බලලද?

මෙන්න ගාණ හදන්න අවශ්‍ය දත්ත (සංඛ්‍යා ආසන්න වශයෙන්)
ලංකාවේ ජනගහණය : මිලියන 21
පෙට්‍රල් මිලදිය ගත හැකි යැයි සිතිය හැකි වයස 15–64 අතර ප්‍රතිශතය : 68%
කෑන් එකක ධාරිතාව: ලීටර් 5
දෛනික පෙට්‍රල් පරිභෝජනය : මෙට්‍රික් ටොන් 2500
සපුගස්කන්දේ පෙට්‍රල් නිෂ්පාදන ධාරිතාව: දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500
ලංකාවේ ගබඩා කළ හැකි උපරිම පෙට්‍රල් සංචිතය: මෙට්‍රික් ටොන් 90,000
පෙට්‍රල් වල ඝණත්වය: ලීටරයට කි.ග්‍රෑ. 0.77

එසේ නම් ලංකාවේ පෙට්‍රල් සංචිත

No photo description available.

හිඳවන්න එක් පුද්ගලයකු කොපමණ පෙට්‍රල් කෑන් ප්‍රමාණයක් මිලදී ගත යුතුද?

Leave a comment