වැව රවුමේ කාර් රේස්

මහින්ද ආණ්ඩුව ගැන කියද්දි මිනිස්සු කටට ආවට වගේ කියන ප්‍රධානම එකක් තමයි “නාමල් මාළිගාව වටේ රේස් පැද්දා” කියන එක. මිනිස්සු මේක නිකන් ඔහේ කියනවා. මම මේ අදත් දැක්කා තැනක එහෙම කියල තියෙනවා. නාමල් රාජපක්ෂගෙ කාර් රේස් තිබ්බේ මාළිගාව වටේවත්, වැවරවුමෙවත් නෙවෙයි නගරයේ වෙනත් පැත්තක.

කොහොම වුනත් අපි පොඩි කාලේ නම් නුවර වැව රවුම වටේ කාර් රේස් තිබ්බා. ඒ කියන්නේ මාළිගාව ඉස්සරහින්ම. මට මතකයි එක කාර් එකක් හැප්පිලා වැව රවුමේ වළාකුළු බැම්මත් කැඩිලා තිබ්බා. මේ ළඟදි නුවර වැවරවුමෙ පදිංචි වෙලා හිටිය මගේ යාලුවෙක් කිව්වෙ එයා රේස් බැලුවේ මල්වත්තෙ පන්සලේ ඉඳන් කියලා.

මිනිස්සුන්ට මේවා මතක නැද්ද? නැත්නම් මැරිල ඉපදිලාද?

Leave a comment