බැසිල්ගේ ආගමනය

ඡන්දයක් ගැන සිතා බැලීමේදී නම් බැසිල් රාජපක්ෂ සිටියත් නැතත්, තව වසර කිහිපයකින් පැවතෙන මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් මේ ආණ්ඩුව පරාජය කළ හැකි බව මගේ තක්සේරුවයි. 2005 ජනාධිපතිවරණය දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ පක්ෂ නායිකාව විසින් පක්ෂය අකර්මණ්‍ය කොට තිබියදී, සියලුම මාධ්‍ය ඔහුට එරෙහිව තිබියදී හුදෙක්ම විමල් වීරවංශගේ සහ ජාතික ව්‍යාපාරයේ සහායෙන් පමණි. මෙහිදී යමෙකුට තර්ක කළ හැකියි මහින්ද ගේ ජයග්‍රහණයට උතුරේ ඡන්ද වර්ජනය උදවු වූ බවට. නමුත් මේ ආණ්ඩුව මීළඟ පැවැත්වෙන ඡන්දයකට යන්නේ තවත් අපකීර්තියට පත්වූ පසුව බව අමතක නොකළ යුතුයි. බොහෝ ආණ්ඩු කල් යාමේදී ජන අප්‍රසාදයට මිස ජනප්‍රසාදයට පත් නොවේ. නමුත් මේ ආණ්ඩුව මොනම පැත්තකින්වත් සාධනීය දෙයක් රටට හෝ රටවැසියාට කරන්නෙ නැති නිසා මේ ආණ්ඩුව ඉදිරියේදී වඩ වඩාත් ජන අප්‍රසාදය පත් වන බව කල්පනා කළ හැකියි. විශේෂයෙන් එට්කා ගිවිසුම හරහා ඉන්දීය ශ්‍රමිකයන් මෙරටට පැමිණීම ආරම්භය සිදු වුවහොත්, පක්ෂ භේදයකින් තොරව, විශේෂයෙන් උගත් බුද්ධිමත් මධ්‍යස්ථ ජනතාවත් මේ ආණ්ඩුවට එරෙහි වෙන්න කටයුතු කරන බවට සැකයකින් තොරව අපට කල්පනා කළ හැකියි. මේ නිසා ඊළඟ ඡන්දයකදී මහින්ද කඳවුර ඉන්නේ 2005 ට වඩා වාසි සහගත තැනක ය.

මහින්ද කඳවුර මීළඟ ඡන්දයට යන්නේ ශ්‍රිලනිපය හරහා නොවන බව පැහැදිලියි. ඒ නිසා අලුත් පක්ෂයක් හෝ පෙරමුණක් ඡන්දයකදී සංවිධානය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක්. විමල්, ගම්මන්පිල, දිනේෂ්, වාසු ඇතුළු පිරිස අලුත් පෙරමුණේ වේදිකාවේ ඉදිරියෙන් සිටියත්, අලුහ් පෙරමුණේ දේහය වෙන්නේ ශ්‍රිලනිප ප්‍රාදේශීය නායකයන් බව සැලකිය යුහ්ටුය. මේ පිරිස ඡන්දයක් සඳහා සංවිධානය කිරීමට නායකත්වයක් අවශ්‍ය වේ. ඒ කාර්යය විමල්, ගම්මන්පිල හෝ දිනෙෂ්ට කළ හැකි දෙයක් නොවේ. කුමාර වෙල්ගම සහ ප්‍රසන්න රණතුංග ඒ සඳහා වඩා සුදුසු පුද්ගලයන් දෙදෙනෙකි. ඒ දෙදෙනාම විශ්වාසදායක අය වෙති. නමුත් ප්‍රසන්න රණතුංග එතරම් පරිණත කෙනෙක් නොවීමත්, කුමාර වෙල්ගමගේ කට හොඳ නැති වීමත් අවාසි ලෙස බලපායි. බැසිල් මේ කාර්යය ඔවුන් දෙදෙනාටම වඩා හොඳින් කළ හැකි බව පැහැදිලියි. නමුත් බැසිල් පිළිබඳව ශ්‍රිලනිප ප්‍රාදේශීය නායකයන්ගේ වර්තමාන ආකල්පය කුමක්ද? මට මේ පිළිබඳ අවබෝධයක් නැත.

2015 ජනාධිපතිවරණය මෙහෙය වූයේ බැසිල් රාජපක්ෂ බව අප අමතක කළ යුතු නැත . 2015 පරාජයට මූලික හේතුව බැසිල් බව විමල් සහ ගම්මන්පිල වැනි නායායෝ ඡන්දය අවසන් වූ වහාම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. මගේ වැටහීම නම් ශ්‍රිලනිප පරණ ජ්‍යෙෂ්ඨයන් මහින්දව අතහැරීමට බැසිල්ගේ ක්‍රියා කලාපයන් බලපෑ බවයි. මා කියන්නේ රාජිත, එස්.බී. වැනි අවස්ථාවාදීන් ගැන නොවේ; අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත යාපා වැනි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් ගැනයි. එමෙන්ම දැනට මහින්ද කඳවුරේ ඉන්න ප්‍රබලයන් වන විමල්, ගම්මන්පිල, වාසු, ඩලස්, මහින්දානන්ද වැනි අයත් බැසිල් පිළෛබඳ ප්‍රසාදයකින් පසුවන අය නොවෙති. එයත් අවාසි සහගතය. විමල් බැසිල් පිළිබඳ තම අප්‍රසාදය මෑතකදී ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කළේය.

ඡන්දයක් සඳහා මුස්ලිම් සහ දෙමළ වාර්ගික දේශපාලනය හොඳින්ම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඇති පුද්ගලයා බැසිල් බව පිළිගත යුතුය. නමුත් ඡන්දයකදී එය වාසි සහගත වුනත් ඉන් පසු එය ජාතිකත්වයට හෝ රටට අවාසි සහගත ලෙස මිස වාසි සහගත ලෙස බල නොපායි. දෙමළ හෝ මුස්ලිම් වාර්ගික ඡන්ද කුට්ටි ලබා ගත හැකි වන්නේ ඔවුන්ගේ වාර්ගවාදී දේශපාලන ඉල්ලීම් /දොළ පිදේණි වලට යටත්වයි. ඡන්දය දිනුවත් ඉන්පසුව ඔවුන් සමඟ වන ගනුදෙනුව වාසි සහගත එකක් නොවනු ඇත. ඒ අතරම පසුගිය කාලයේ බැසිල් සහ රිශාඩ් බදියුද්දීන් අතර තිබූ සම්බන්ධතාව අවසන් වූයේ රටටවත්, පක්ෂයටවත් අඩුම තරමේ බැසිල්ටවත් වාසිදායක නොවන ලෙස බවත් මතක් කළ යුතුයි.

ඡන්දයකට යාමට පෙර වර්තමාන ආණ්ඩුවේ ඉන්න පිරිසක් ගලවාගෙන මේ ආණ්ඩුව පෙරළන්න උත්සාහයක් තියෙනවා නම් (2001 මෙන්) ඒක කරන්න සුදුසුම පුද්ගලයා බැසිල් බව නම් අවිවාදාත්මකයි. ඒ නිසා එවැනි උපාය මාර්ගයක් සඳහා අවකාශයක් හ උනන්දුවක් ඇත්නම් ඒ සඳහා බැසිල් ගේ සහාය අත්‍යවශ්‍ය වේ.

මෙලෙස බැසිල් රාජපක්ෂ ගේ ආගමනයෙන් සිදුවන දේශපාලනමය වාසි අවාසි ගැන වෙනම සන්දර්භයක කතා කළ හැක. නමුත් බැසිල් රාජපක්ෂ ජාතිකවාදියෙක් ය කියමින් ඔහුගේ බිඳවැටුණ ප්‍රතිරූපය ව්‍යාජ ලෙස ගොඩ නංවන්න උත්සාහ කරනවා නම් ඒකට නම් විරුද්ධ විය යුතුයි.

බැසිල් රාජපක්ෂ ට පසුගිය ආණ්ඩු සමයේ විවිධ චෝදනා රාශියක් එල්ල විය. සෙසු රාජපක්ෂවරුන්ට මෙන් ඔහුට ද එල්ල වූ චෝදනා බොහොමයක් ප්‍රබන්ධ විය හැක. එසේ එල්ල වූ අභූත චෝදනාවලට පිළිතුරු දීම සහ එමඟින් තමන්ගේ හානි වූ ප්‍රතිරූපය සකසා ගැනීමට ඔහු කටයුතු කිරීම වරදක් නොවන අතර එය කළ යුතුම දෙයකි. නමුත් මැක්‍රෝලෙවල්, මයික්‍රෝලෙවල් ජාතිකත්වය , ආර්ථික ජාතිකත්වය වැනි බාල න්‍යායන් ගොඩ නඟමින් බැසිල් රාජපක්ෂ ජාතිකවාදියෙක් කිරීමේ උත්සාහයක් මෑතක සිට සිදුවෙමින් පවතින් බව පෙනේ. මහින්ද කඳවුරේ බුද්ධිමය පෙරමුණ සැකසී ඇත්තේ ජාතිකත්වය නම් සටන් පාඨයත් සමඟය. ඒ නිසා මහින්ද කඳවුරේ නායකත්වයක් යමෙක් අපේක්ෂා කරනවා නම් ජාතිකවාදියෙක්ය කියන සංකේත අර්ථය ඔහුට අනිවාර්ය සාධකයක් වී තිබේ. මේ හේතුව නිසා ඇතැම් පුද්ගලයන්ට බැසිල් රාජපක්ෂ ජාතිකවාදියෙක් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.

බැසිල් රාජපක්ෂ රනිල් හෝ සිරිසේනට වඩා දක්ෂ දේශපාලකයකු විය හැකියි. නමුත් ඔහු තුළ ජාතිකත්වයක් මට නම් පෙනෙන්නේ නැත. අවශ්‍ය නම් යමෙකුට බැසිල්ව ජාතිකත්වය තුළට ගෙන ඒමට උත්සාහ කළ හැකියි. නමුත් ඔහු කරන කියන හැම දේම ජාතිකත්වය බව පෙන්වීමට තියරි හැදීමට ඇතැම් න්‍යායාචාර්ය වරුන් කටයුතු කිරීම ජාතිකත්වය පැත්තෙන් විශාල හානියක් බව කිව යුතුයි.

basil_rajapakse_1.png

Advertisements

One comment

  1. බැසිල් සවිඤ්ඤානික ජාතික වාදියෙක් නොවෙන්න පුලුවන්, නමුත් මිනිහා තුල රනිල් චන්ද්‍රිකා, මෛත්‍රීටත් වඩා ජාතික හැගීම තියන බව මගේ විශ්වාසයයි,
    බැසිල් ඒකාදිපති වාදියෙක්, මිනිහා වෙන කිසිම කෙනෙකුට ඉඩදෙන්නේ නැහැ, ඒකාබද්ධ විපක්ෂයේ විමල් උදය වගේ අයට ඉස්මතුවෙන්න ඉඩදුන්නේ නැහැ, අනික මිනිහත් ජනාධිපති අගමැති කම් බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙන්න පුලුවන්.
    මේ ආන්ඩුව පෙරලන්න හරිම අමාරුයි, දෙමල මුස්ලිම් චන්ද 90%ක් උන්ට, සිංහල් චන්ද 30% ගත්ත ගමන් උන්ට ආන්ඩුව හැදුවෑකි, ජාතික වාදීන්ට බලයට එන්න වෙන මොකක් හරි උපක්‍රමයක් දාන්න වෙනවා,

    ඊලග ජනාධිපති රනිල් බව 90%ක් විශ්වාසයෙන් කිව්වැකි අන්න ඒක කඩන්න ගෝඨාබය දැම්මනම් චාන්ස් එකක් තියනවා , වෙනත් මගක්නම් මට පේන්නේ නැහැ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: