මාදුලාවේ සෝභිත හිමියෝ

කෙනෙකුන් මළ පසු ඔහුට අපහාස කිරීම වීම ඒ මළ කෙනා කවුරුන් වුවත් සිංහල බෞද්ධ සිරිත නොවේ. බෞද්ධ භික්ෂුවක් අරඹයා එය වඩාත් බලපායි.

මාදුලාවේ සෝභිත හිමියෝ අපවත් වී ඇත. ඒ හිමියෝ අපවත් වූයේ පැතූ යහපාලනය නොලැබුන නිසා ඇති වූ කලකිරීම නිසා බවට මතයක් ගොඩ නැගෙමින් ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ඒ හිමියන්ගේ ලෙඩ දුක් බැලීමට ගිය අවස්ථාවේ “අපට වැරදුනා” යනුවෙන් වදාළ බවක් ද ප්‍රචාරය වෙමින් පවතී.

මගේ මතය අනුව නම් මේ කතා දෙකම වැරදිය. මේ ආණ්ඩුව විසින් ගෙන එන යහපාලනයක් නැති බව ඒ හිමියන් නොදැන සිටියා නොවේ; එය මුසාවකි. මේ ආණ්ඩුවෙන් යහපාලනයක් ගෙන එනු ඇතැයි සිතා මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ මෙලෝ හසරක් නැති බබාලාය. මාදුලුවේ සෝභිත හිමියෝ එවැනි යහපාලන බබෙක් නොවේ. සිරිසේන, රනිල්, චන්ද්‍රිකා ඇතුළු දේශපාලඥයන් මෙන්ම නිර්මාල් ඇතුළු දේශපාලන ක්‍රියාධරයන්ගේ සැබෑ අභිලාශයන් මොනවාද යන්න දශක කීපයක් දේශපාලන ක්‍රියාධරයකුව සිටි සහ මේ පුද්ගලයන්ව කිට්ටුවෙන් ආශ්‍රය කළ ඒ හිමියන් නොදැන රැවටීමකට ලක් වූවාය යන්න විශ්වාස කළ නොහැක. ඒ නිසා මාදුලාවේ හිමියන්ට ඇති වූ කළකිරීමක් නැත. එසේ සිතන යමෙක් වේ නම් ඒ තැනැත්තාද පෙරකී යහපාලන බබාලාගේ පන්තියේම කෙනෙක් විය යුතුය.

මාදුලුවාවේ හිම්යෝ, යටත් පිරිසෙන් අවසාන අවුරුදු කිහිපයේ, කටයුතු කළේ අවංක අධාශයෙන් නොවේ. ඒ හිමියෝ චින්තන පර්ෂදයේ ආරම්භක සභාපතිය. ජේ.ආර්. ප්‍රේමදාස පාලනයට එරෙහිව විශාල හඬක් නැගූ හිමි නමකි. චන්ද්‍රිකාගේ පාලන සමයේ අවසන් වන විට දේශපාලන සිසිර නිද්‍රාවකට වැටුන ඒ හිමියෝ නැවත කරළියට ආවේ රාජපක්ෂ පාලනයට එරෙහිව දෙමළ බෙදුම්වාදයේ සිංහල නියෝජිතයන් සමඟය. මට ඒ හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් සංවේගයක් නො උපදී.

මේ අතර, මාදුලාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් කහකොඩි දාගෙන නටන සිංහල බෞද්ධ යූඇන්පී කාරයන් සහ ජේවිපිකාරයන්ගේ ව්‍යාජ රංගන නැරඹීම එක විට උත්ප්‍රාසය සහ පිළිකුල දනවන දෙයක් වී ඇත.

sobitha

Advertisements

One comment

  1. නලීන් අයියා හරි… මට මුන්නාන්සේගේ අපවත් වීම පිළිබඳව අබමල් රේණුවක කිසිදු දුකක් නැහැ..
    පිළිවෙත් පුරන උතුම් නිර්වාණාවබෝධය පිණිස වෙහෙසෙන ගිහි පැවිදි සිව්වනක් පිරිසට ඒ මඟ යන්නට කියාදෙන සාමණේර හිමිනමකට උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදීම මට ඊට වඩා දුක හිතෙන දෙයක්…
    මුන්නාන්සේලා කලින් කලට ආ දේශපාලන රැලිවලට අහු උන උදවිය … ඇමවල් විධිහට පාවිච්චි උන උදවිය…
    දන්න බණ දහමක් තම ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා නොයෙදවීම පිළිබඳව මුන්නාන්සේට මහා දුකක් ඇති වෙන්නට ඇති මරණ මංචකයේදී..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: