එජාප, ශ්‍රිලනිප සහ බයි ටොයි වෙනස

මම බයියෙක් සහ මරාවාදියෙක්මි. මට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මුලින්ම පැහැදීමක් ඇති වුනේ 2005 මැතිවරණ සමයේදී මා ටොයියන් වෙන්න දඟලන සමාජයක් සමඟ සිටි කොළඹ කොම්පැනියක වැඩ කරන කාලයේ “මාතරින් ආපු ගොඩයෙක් රටේ නායකයා වෙනවට ඔබ කැමතිද?” යනුවෙන් ඊමේල් එකක් සංසරණය වී තිබෙනු දුටු විටය. ඒ ප්‍රකාශය මගේ බයි විඤ්ඤාණය අවධි කළේ ය. ඒ වන තෙක් මහින්ද රාජපක්ෂ යන චරිතය ගැන මගේ විශේෂ පැහැදීමක් තිබුණේ නැත. කොළඹ සමාජයට මහින්ද පරාජය කිරීමට අවශ්‍ය වූයේ මහින්ද බයියෙක්, ගොඩයෙක් නිසා ය.

ශ්‍රිලනිපය සාමාන්‍යයෙන් බයියන්ගේ පක්ෂයි. එජාපය ටොයියන්ගේ පක්ෂයයි. එජාපයට පක්ෂ සියළු දෙනා ටොයියන් නොවෙතත් ටොයි ජීවන රටාවට අශා කරන, එවන් සිතුම් පැතුම් සහිත, අඩුම තරමේ එවන් පවුල් වලින් පැමිනෙන පිරිසකි. අද දේශපාලනයේ මහින්ද සහ රනිල් වටා සිටින ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙක බයි සහ ටොයි ලෙස වෙන් කෙරී ඇත. බයි සහ ටොයි ලෙස මෙලෙස එජාපය සහ ශ්‍රිලනිපය වටා සමාජය දෙකට පැහැදිලිව වෙන්වුන අවස්ථාවක් මීට පෙර තිබී නැත.

බණ්ඩාරනායක මහතා වටා රටේ සියළු බයි ජනතාව රොක් වුනද, බණ්ඩාරනායක මහතා සහ සේනානායක වරුන්ගේ පුද්ගලික ජීවිත දෙස බලන විට වැඩි වෙනසක් තිබුනේ නැත. බණ්ඩාරනායක මහතා රෙද්ද බැනියම ඇන්ඳද අවුරුදු දවසේ කිරිබත් කෑවේ හැඳි ගෑරප්පු වලිනි. සර් ජෝන් කොතලාවල මුළුමනින්ම ටොයි සමාජ ජීවිතයක් ගත කළ අයෙක් වූ අතර 56 දි එජාපයේ දැවැන්ත පරාජයට හේතු වූයේ ඔහුගේ ක්‍රියා කලාපයන් ය. බණ්ඩාරනායක මැතිණිය තුළ තිබූ කුලවාදය නිසා බයි ජනතාවගෙන් විශාල පිරිසක් ශ්‍රිලනිපයෙන් ඈත් විය.

බයියන්ගෙන් තොරව රටේ බලයට පැමිණිය නොහැකි බව අවබෝධ කරගත් පළමු එජාප නායකයා වූයේ ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු බයියෙකු වූ ප්‍රේමදාස පක්ෂයේ ඉහළට ගෙන එජාපය බයි කරණයකට ලක් කළේ ය. එහිදී ඔහු බණ්ඩාරනායක මැතිණිය නිසා ශ්‍රිලනිපයට අහිමි වී කුල මූලික බයි ඡන්ද සියල්ල ඩැහැ ගත්තේ ය. එසේ වුවද ජේ.ආර්. රට සම්පූර්ණයෙන්ම ගෙන ගියේ අනිත් පැත්තටයි. අහම්බයෙන් බලය ආ විජේතුංග පිරිසිදු බයියෙක් වූ අතර ඒ වකවානුවේ ශ්‍රිලනිපයේ නායකත්වයට පැමිණි චන්ද්‍රිකා මුළුමනින්ම බයි සමාජයෙන් පිටස්තර කෙනෙකි.

සම්ප්‍රදායිකව ශ්‍රිලනිපය බයියන්ගේ පක්ෂය සහ එජාපය ටොයියන්ගෙ පක්ෂය වුවද එහි නායකයන් වරින් වර එහා මෙහා දෝලනය වීම නිසා බයි ටොයි වෙනස කැපී පෙනෙන ඉස්මතු නොවීය. එය පැහැදිලි ලෙසම ඉස්මතු වී ඇත්තේ වර්තමාන මහින්ද මහත්තයාගේ සහ මිස්ටර් වික්‍රමසිංහගේ කාලයේ ය.

Advertisements

2 comments

  1. කුරුටු ගෑ ගී පවුර · · Reply

    අටමාගෙන් පාර අහගත්තේ.. අදයි මේ පැත්තට අාවේ.. අපේ සින්ඩියටත් දාගත්තා… ගිහින් බලන්න

    http://kurutugegeepawra1.blogspot.com/

  2. gayathri · · Reply

    අර සූරිය වැව, අඟුනකොලේ පැත්තෙ වේලෙන සමහර එවුනුත් උන් ටොයි කියලා හිතා ඉන්නවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: