ව්‍යාජ විපක්ෂයට නොරැවටෙමු.

ආණ්ඩුව කෙරෙහි කල කිරීමෙන් සිටින බව රතන හිමියෝ ප්‍රකාශ කර සිටිති. රාජිත අමාත්‍යවරයාද ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ආණ්ඩුව සැබෑ හොරුන් අල්ලන්නේ නැති බව කියමින් ඇඟවූයේ තමන් මේ ආණ්ඩුවේ නොවන බවයි. මේ ආණ්ඩුව තුළත් මෙගා ඩීල් කරුවන් සිටින බව චම්පික කියා තිබූ බව තැනක දුටුවෙමි. මින් පෙර සන්ධාන / සභාග ආණ්ඩු පිහිටවා මාස දෙකක් යන්නට කලින් මෙලෙස ඒ ආණ්ඩුවේම පාර්ශව කරුවන් ඒ ආණ්ඩුවම එළිපිට මෙසේ විවේචනය කරන අවස්ථා අප දැක නැත.

දැන් මේ පිරිස ක්‍රමයෙන් ගමන් ගන්නේ ව්‍යාපෘතියේ දෙවන අදියර වෙතයි. ඉදිරියේදී මේ පිරිස එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම ක්‍රමයෙන් තීව්‍ර කරනු ඇත. මේ ගොඩ නඟමින් තියෙන්නේ ව්‍යාජ විපක්ෂයයි. ජවිපෙ දැනටමත් සිදු කරන්නේ ඒ ව්‍යාජ විපක්ෂයේ කාර්යභාරය ඉදිරියේදී ශ්‍රිලනිප + රාජිත + හෙළ උරුම හවුල අතට ගනු ඇත. මේ සියල්ල ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දක්වා පමණි. බෙදී ඡන්දය ඉල්ලීමේ අරමුණ පක්ෂ දෙකට පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වැඩි ප්‍රමාණයක් එකතු කර ගැනීමයි. එක්ව ඡන්දය ඉල්ලුවොත් තෙවන පාර්ශවයකට වැඩි ආසන ප්‍රමාණයක් යෑමේ අවදානම ඇත.

කෙසේ හෝ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි බලය ලැබෙනු ඇත්තේ නැවතත් රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයටයි. මහින්ද නොමැති දියාරු ශ්‍රිලනිපයකට ශ්‍රිලනිප ඡන්දදායකයෝ වැඩි පිරිසක් කැමති වන්නේ නැත.  ඡන්දයෙන් පසු දෙපිරිස ඇමතිකම් බෙදා හදා ගෙන හවුල් ආණ්ඩුවක් තනනු ඇත. තාර්කිකව සිතා බලන කල ඉදිරීයේදී තමන් තුළ හවුල් ආණ්ඩුවක ඇමතිකම් පිළිබඳ බලාපොරොත්තුවක් නැති නම් ශ්‍රිලනිප නායකයන් කරනු ඇත්තේ මහින්දට සහාය දීමයි.

“වෙන්ව සටන් කරමු. එක්ව ගමන කරමු” යනු ගරු විජිත් විජතමුණි ද සොයිසා මැතිතුමා කරන ලද ස්වර්ණමය ප්‍රකාශයකි. එක්ව ගමන් කරයි නම් වෙන්ව සටන් කිරීම බොරු සංදර්ශනයක් බව ජනතාව වටහා ගත යුතු ය.

පක්ෂ දෙකේ සිංහල දේශපාලඥයෝ තම තමන්ට හැකි පමණින් යමක් හම්බ කර ගැනීම හැර කිසිවක් නොකරනු ඇත. දෙමළ සහ මුස්ලිම් දේශපාලඥයෝ තමන්ගේ බෙදුම්වාදී ගමන ඒ හවුල තුළ ක්‍රියාත්මක කර ගන්න්නවා ඇත. මේ සියල්ල එක්ව යන ගමන මේකය.

තමන් ඉදිරි වසර හයටත් විදුලිබල / බලශක්ති ඇමති ලෙස අනිවාර්යයෙන් සිටින බව චම්පික රණවක කියා සිටි බව අමතක කළ යුතු නැත. එහි අර්ථය ඉදිරි ආණ්ඩුව කුමක් වුවත් ඔහු ඒ තුළ සිටින බවයි. මේ සියල්ලගෙන් පෙනෙන්නේ ආණ්ඪුවට එරෙහි මේ විවේචන හුදු ව්‍යාජයන් පමණක් බවයි.

මේ රැවටිලි කාර ගමනට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමේ සටනට ජාතිකත්ව ව්‍යාපාරය වටා ජනතාව එක් රොක් විය යුතු ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s