සිංහල බෞද්ධ ජාතික පෙරමුණක් රටේ තුන්වන බලවේගය බවට?

රටේ අනාගතය සඳහා හොඳම විසඳුම සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පෙරමුණක් බිහි වීම බව කාලයක සිට පැවසුවෙමු.

එක්සත් ජාතික පක්ෂය විජාතිකත්වයේ පක්ෂයයි. එහි නායකයන් සියළු දෙනා මෙන්ම පාක්ෂිකයන් මහත් බහුතරයද විජාතික අදහස් වලට බර පිරිසකි. එම පක්ෂය සමඟ ජාතිකත්වයට ගමනක් කොහෙත්ම නැත.

ශ්‍රිලනිපය ජාතිකත්වයේ පක්ෂය වන්නේ එහි පාක්ෂිකයන්ගේ බහුතරය යම් කිසි ජාතිකත්වයක් ඇති පිරිසක් වන නිසා ය. එසේ නොමැතිව ශ්‍රිලනිප දේශපාලන නායකයන් තුළ ඇති ජාතිකත්වයක් නැත. ශ්‍රිලනිපයේ නායකයන් බහුතරය ලොන්ත-පොල් ගොඩකි. ඒ බව වඩාත්ම පැහැදිලිවන්නේ වර්තමානයේ එම පක්ෂ නායකයන් රඟ දක්වන නිවට භූමිකාව දුටු කළය.

සිංහල බෞද්ධ ජාතිකත්වයක් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකට මේ රටේ තුන්වන බලවේගය බවට පහසුවෙන්ම පත් විය හැක. එලෙස ගොඩ නැගුණ තුන්වන බලවේගයකට මේ රටේ දේශපාලනය පහසුවෙන්ම හැසිර විය හැකි වනු ඇත.

අද අනුර කුමාර හරහා විජාතික බලවේග වල බළල් අතක් වී ගොම තැම්බක් බවට පත් වී තිබුනද එදා ජවිපෙ තුන්වන බලවේගය ලෙස සිටිමින් රනිල්ගේ දේශද්‍රෝහී ගමන නතර කිරීමට දායක විය. එලෙස ඔවුන්ට ඒ දේ කළ හැකි වූයේ දේශපාලන ශක්තියක් තිබූ නිසා ය. දේශපාලන ශක්තියක් ඇති ජාතිකත්ව පක්ෂයකට/පෙරමුණකට ඒ දේ වඩා හොඳින් කළ හැකිවනු ඇත. ලෝකය පුරා ප්‍රතික්ෂේප වුන මාක්ස්වාදය කර පින්නා ගත් පක්ෂකට රටේ තුන්වන බලවේගය විය හැකි නම් සිංහල බෞද්ධ විඤ්ඤාණය අමතන පක්ෂයකට අපේ රටේ තුන්වන බලවේගය විය නොහැක්කේ මන්ද?

දැන් මේ මස 18 වනදා නව දේශපාලන පෙරමුණක් දොරට වැඩීම සිදු විය. සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින රටේ තුන්වන බලවේගය බවට මේ පෙරමුණට පත්වීමට ඉඩ ලැබේවිය යන්න ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: