රටේ දේශපාලනය විවෘත කළේ කවුද?

නිර්මාල් රංජිත් දේවසිරි මහතා ලංකාවේ දේශපාලනය ජනවාරි 8 වෙනිදාගෙන් පසු විවෘත කළ ඇති බව උජාරුවෙන් කියයි. 1977න් පසුව මුල්වරට මේ රටේ දේශපාලනය විවෘත කළේ වෙන කවුරුත් නොව මහින්ද රාජපක්ෂ ය.

1977 බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ සිතියම අකුලා දමා ලංකා ඉතිහාසයේ මුල්වරට දේශපාලනය සංවෘත කළේ ය. ඉන්පසු ජවිපෙ සහ ප්‍රේමදාස තුවක්කුවෙන් දේශපාලනය සංවෘත කළහ. චන්ද්‍රිකා එළිපිටම ඡන්දය කොල්ල කා දේශපාලනය සංවෘත කළේ ය. ත්‍රස්තවාදී යුද්ධය නිසා උතුරේ දේශපාලනය දශක කීපයක් මුළුමනින්ම සංවෘතව පැවතියේ ය.

දශක හතරකට පමණ පසු උතුරු නැගෙනහිර පළාත්වල ඇතුළු මුළු රටේම නිදහස් හා සාමකාමි මැතිවරණයක් මුල්වරට පවත්වා නැවත රටේ දේශපාලනය විවෘත කළේ කවුද? මහින්ද රාජපක්ෂයි. කොටි සංවිධානයට බයේ රටේ දෙමළ දේශපාලනය සංවෘත වී තිබූ යුගය නිමා කර දෙමළ සංධානයට පවා අද දේශපානය කිරීම්ට ඉඩ ලැබී ඇත්තේ මහින්ද රාජපක්ෂ නිසා නොවේ ද?

නමුත් අවාසනාවකට රටේ දේශපානය විවෘත කළ මිනිසාට දේශපාලනය කළ නොහැකි තරමට අද රටේ දේශපාලනය “විවෘත” වී ඇත.

පසුගිය දශක හතරක කාලය තුළ මේ රටේ දේශපාලන සංවෘත කිරීමට ක්‍රියා කළ විවිධ විෂම බලවේග සියල්ල සමඟ අත්වැල් බැඳ ගෙන නිර්මාල් ලා අද රටේ දේශපාලනය විවෘත කළ බව කීම තරම් ලෝක විහිළුවක් තවත් තිබේද?

President_0

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s