වර්බටන් බුද්ධාගම

මෙල්බර්න් නගරයේ සිංහල බෞද්ධ පන්සල් 8ක් ඇත. ලංකාවෙන් පිට මේ තරම් සිංහල බෞද්ධ පන්සල් ඇති නගරයක් තවත් නැතැයි සිතමි. මේ පන්සල් වලට එන සියළු දෙනාම පාහේ ලංකාවෙන් සංක්‍රමණය වූ සිංහල පිරිස් ය. වෙනත් ජනවර්ගවලට අයත් අය එන්නේ කලාතුරකිනි.

මේ පන්සල් සියල්ලක්ම පාහේ පවත්වාගෙන යන්නේ සිංහල බෞද්ධ අපේ රටේ සම්ප්‍රදායටය. නමුත් විදේශගත වූ අපේ සමහර සිංහලයන්ට අපේ සම්ප්‍රදාය අපුලය. පන්සල් යෑම ඔවුන්ට මදිකමකි. අපේ පන්සල් තුළ ඔවුන්ගේ බුද්ධාගම නැත. ඔවුන්ට අනුව අපේ හාමුදුරුවරු කරන්නේ පන්සල් හැදීම පමණි. බුදුදහම යනු පන්සල් හැදීම නොවේ. “අපි නම් ලංකාවේ පන්සල් යන්නේ නෑ” යනුවෙන් සමහරෙක් මහත් ආඩම්බරයෙන් කියනුද මා අසා ඇත.

මේ පොෂ් බෞද්ධයෝ අපේ පන්සල් වලට නොයා යන වෙනත් පන්සලක් ඇත. එය වර්බටන් පන්සලයි. තායි සම්ප්‍රදායට අයත් එය තපස් ආරාමයකි. එහි හාමුදුරුවරු වැඩවසන්නේ කුඩා කඳු ගැටයක ගස් අතරේ පිහිටුවා ඇති භාවනා කුටිවල භාවනානුයෝගීව ය. දන් වැළඳීමට පමණක් උන්වහන්සේලා පහළට වැඩම කරති. උන්වහන්සේලාගේ ගමන බිමන ඉතා සංවරය. සමහරක් හාමුදුරුවරු සුදු ජාතිකයන් ය. අපේ සිංහල ගොඩේ හාමුදුරුවරුන්ට වඩා උන් වහන්සේලාගේ පොෂ් ගතියක්ද ඇත. අපේ පන්සල්වල නැති බුද්ධාගමක් ඔවුනට මේ වර්බටන් පන්සලේ ඇති බව පෙනේ.

වර්බටන් පන්සලට දානය රැගෙන ගිය හැකි අතර හාමුදුරුවරු දන් වැළඳීමෙන් අනතුරුව ඉතිරි ආහාර ගැනීමට යන සැමට අවස්ථාව ලැබේ. පන්සල පිහිටා ඇත්තේ අපේ පන්සල් මෙන් නොව නගරයෙන් තරමක් ඈත ය. එහි යෑම සති අන්ත නිවාඩු දවසක ට්‍රිප් එකක් යෑම හා සමාන ය.ලන්ච් එක පන්සලෙන්ම ගත හැක. හාමුදුරුවරු දන් වැළඳීමෙන් පසු උන්වහන්සේලාගෙන් ඉංගිරිසියෙන් බුදුදහම ගැන දාර්ශනික ප්‍රශ්න ඇසීමේ අවස්ථාවද එහි යන්නන්හට එළැඹේ. බුදුදහම ගැන ඉංගිරිසියෙන් ලියැවුනු පොත්පත් හා සීඩී පට නොමිලේ ලබා ගත හැක.

වර්බටන් යන ඕස්ට්‍රේලියානු හෝ බටහිර ජාතිකයන් අල්පය. යන පිරිසත් යන්නේ මානසික සහනය පතා භාවනා කිරිමේ අරමුණෙන් හෝ “චේන්ජ්” එකකට ය. ඔවුන් වැඩි පිරිස බෞද්ධයන් නොවෙති. වර්බටන් යන වැඩි පිරිස චීන සම්භවයක් ඇති විවිධ ජන පිරිස් සහ සිංහලයන් ය.

කෙසේ වුවත් වර්බටන් පන්සල ගැන ලියන්නට මා සිත පෙළඹුනේ මෑතක එහි පළ කර තිබෙනවා යයි කියන දැන් වීමක් නිසා ය. එහි ඇත්තේ “ලංකාවෙන් එන පිරිස් එතන හැසිරෙන්නට දන්නේ නැත. පොඩි ළමයි දඟලති. දානය පොඩ්ඩක් ගෙන විත් ගොඩක් කාලා යනවා. කෑම කන්නේ අතිනි” යන අදහසයි. මේ වෙන මොකවත් නොව එහි යන චීන සම්භවයක් ඇති පිරිසගේ සහ අපේ සිංහලයන් අතර පවතින සංස්කෘතික ඝට්ටනයයි. ලෝකයේ ඕනම තැනක වෙනස් සංස්කෘතීන් එකට ගැටෙති.

අපේ සමහරු වර්බටන් යන්නේ අපේ පන්සල්වල ඇත්තේ සංස්කෘතික බුද්ධාගමක් නිසා ය. බුදුදහම සංස්කෘතියෙන් වෙන් කර වියුක්ත බුදුදහමක් සොයා වර්බටන් සරණ ගිය අපේ පොෂ් බෞද්ධයන්ට වර්බටන් වලින්ම “සංස්කෘතික කණේ පහරක්” ලැබී තිබීම ගැන මට නම් අප්‍රමාණ සංතෝස ය.

                                 වර්බටන් බෝධිවන ආශ්‍රමය

Advertisements

One comment

  1. මටත් ඔය කියන කරුණු සහිත ඊමේල් එක ලැබුණ. ඒකෙ තියෙන සමහර විවේචන මොනව උනත් ඇත්ත. මං හිතන්නෙ ඒ ටික මේ ලිපියෙත් සඳහන් කෙරිල තියෙනව. කීස්බරෝ, බෙරික් හෝ ඩැංඩිනෝන්ග් වල නැති බුද්ධිවාදී බුද්ධාගමක් හොයා ගෙන වෝර්බර්ට්න් යන ‘ඕල්කට් බෞද්ධයන්ට’ මේ වැදිල තියෙන අතුල් පහර ගැන නම් මටත් සතු‍ටුයි. හැබැයි ඒ කියන විවේචනය නම් ලියල තියෙන්න පැහැදිළි ද්වේශයකින්. ඒ විතරක් නෙමේ. ඒකෙ තියෙන අතැම් විවේචනත් අන්තිම අසාධාරණයි.

    බහුතරයක් චීන සහ තායි ළමයි ළමයි කන්සෝල් වල ගේම් ගහ ගහ හිටියට සිංහළ තාලෙට හැදිච්ච සිංහළ දරුවො කෑ ගහනව තමයි. ඒ ළමයින්ව නිහඬ කර ගන්න එක දෙමවුපියන්ගෙ වගකීමක් බව ඇත්ත. නමුත් එහෙම කරුණක් අල්ල ගෙන විවේචනය කරන එක අසාධාරණයි. ඒ මදිවට ඒ ලිපිය සිංහළ මිනිස්සු නැදෑ පරපුර වල් එක්ක ඒ පංසලට එන එකත් විවේචනය කරල තියෙනව. ඔතන නැදෑ පර පුර කියන්නෙ සිංහළ මිනිස්සු තමුන්ගෙ දෙමවුපිය වැඩිහිටියන් එක්කං එන එකට. ඇතැම් ජාතිකයන්ට දෙමවුපිය වැඩිහිටියන් ලොකු නොවුණට සිංහළ මිනිස්සු පිනක් දහමක් කර ගන්න තමුන්ගෙ වැඩිහිටියො සම්බන්ධ කර ගන්නව තමයි. ඒක විවේචනය කළ යුත්තක් නෙමේ අගය කළ යුත්තක්.

    සිංහළ මිනිස්සු දානෙ උයාගෙන එන්නෙ නැහැ කියන එකත් වැරදියි. සාමාන්‍යයෙන් බොහොමයක් සිංහළ මිනිස්සු එන්නෙ මොනව හරි දෙයක් උයා ගෙන. ඒ උයන් එන්නෙත් අග්‍රම දෙයක් මිසක් ඔය මොනව හරි තෙල් ටිකක් දාල සෝස් ටිකක් දාල ගේන ලෙසි ඩිශ් එකක් නෙමේ. එහෙමත් දෙයක් නොගෙන එන්නෙ තවමත් අධ්‍යාපනය හදාරණ studentsල. තමුන්ට කන්නවත් උයා ගන්නෙ නැති studentsල දානෙට ව්‍යංජන උයන් නොඑන එක විවේචනය කරන එක අසාධාරණයි.

    හැබැයි සිංහළ මිනිස්සු කාල බීල අත හෝදගෙන ස්ථානය පිරිසිඳු කරන්න නතර නොවී ගෙදර යනව කියන එක නම් බොහෝ දුරට ඇත්ත. එන්නෙ ට්‍රිප් එකක් යන මානසිකත්වයෙන් කියන එකත් පොදුවේ ගත්තහම ඇත්ත (දඹුල්ලෙ ගිහිං තලගොයි මස් ටිකක් කාල ආවෙ නැත්තං සමහරුන්ට කිසි කික් එකක් නැහැනෙ).

    කොහොම නමුත් ඒ ලිපියෙන් කෙරිල තියෙන විවෙචන නිසා ඇත්තටම වෙලා තියෙන්නෙ එතන වැඩ වසන හාමුදුරුවරුන්ටත් අගෞරවයක්. මනුස්සයෙක් පංසලකට එන්න ඕනෙ පිනක් දහමක් කර ගන්න මිසක් අනිත් මිනිස්සු කරන නොකරන දේ දැකල ගැටළු ගෙන සංසාරෙ දික් කරගන්න නෙමේ. එහෙම බැළුවහම ඒක ලියපු මනුස්සය බුද්ධාගමේ මූලිකම කරුණුවත් දන්නෙ නැහැ.

    නමුත් ඔතන මෙහෙම සංසිද්දියක් තියෙනව. තමුන් ආසියානු (තායි) කාන්තාවක් බැඳ ගත් සුදු ජාතිකයෙක් කියලනෙ ඔය විවේචනය ලියල තියෙන මනුස්සය අඟවන්නෙ. නමුත් ඔය ලිපියෙ අන්තිමටම කියවිලා තියෙනව ලංකාවෙ සිංහළ මිනිස්සු එක්ක දෙමළ මිනිස්සුන්ට ඉන්න තියෙන අමාරුව දැං තමුන්ට තේරෙනව කියල (“I can see now why the Tamils had a hard time with the Sinhalese back home”). මේව සාමාන්‍යෙන් සුද්දො කියන කතා නෙමේ. ඔහොම කතා කියන්නෙ සුද්දො වගේ ලියන කොටි. මට නම් නොසැහෙන්න විශ්වාෂයි ඕක ලියල තියෙන්නෙ සිංහළුන්ට තම හැකි පමණින් ඇරීම තම පරම ජීවන දර්ශණය කරගත් ලොස් වුණු කොටියෙක්. සිංහළුන් දවල් වෙනකම් නිදියල Noble Park වල ඉඳං එනව කියන එකත් හරිහමන් සුද්දො කරන විදිහෙ විවේචනයක් නෙමේ. ඔහොම stereo type විවේචන සාමාන්‍යෙන් තියෙන්නෙ කොටි ගාව. අනික මිනිස්සු අතින් කනව දැකීම තමුන්ගෙ භාර්යාවට අපුල නිසා ඔවුන් අතින් කෑම කන එක නැවැත්විය යුතුයි වැනි යමක් බලාපොරොත්තු වෙන්න ඇත්තටම සාමාන්‍ය මානසිකත්වයක් තියෙන මනුස්සයෙකුට බැහැ.

    අපි නොදන්න චෙස් කිව්වලු!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: