සුදු වැන්දඹුව (White Widow)

කෙන්යාවේ පසුගිය දිනවල සිදු වූ සමූහ ඝාතණවලට White Widow නමින් ප්‍රකට සමන්තා ලූත්වේට් නම් කාන්තාවක් සම්බන්ධ බවට පසුගිය දිනවල පුවත් පල විය. කවුද මේ සමන්තා ලූත්වේට්?

සමන්තා ලූත්වේට් පසුකාලයක ඉස්ලාමය වැලඳ ගත් බ්‍රිතාන්‍ය කිතුනු පවුලක උපන් කාන්තාවකි. ඇය වයස අවුරුදු 15 දී ඉස්ලාමය වැළඳ ගත්තේ ඇගේ දෙමව්පියන් දික්කසාද වීම නිසා ඇති වූ සිත් තැවුල නිසාය. හැම විටම පුද්ගල නිදහස වෙනුවෙන්ම පෙනී සිටින නූතනවාදීන්ට දික්කසාදය මානව අයිතියකි. සැමියා සහ බිරිඳ කැමති නම් දික්කසාද වීමේ අයිතිය ඔවුනට තිබිය යුතුය. නමුත් ඉන් පීඩාවට පත්වන දරුවන්ගේ මානව අයිතීන් ගැන කවුරුවත් කතා කරන්නේ නැත. දෙමව්පියන්ගේ වෙන්වීම කුමන සංස්කෘතියක වුවද දරුවන්ට අන්තිම නරක ලෙස බලපායි. මෙය අද බටහිර සමාජයේ ඛේදවාචකයකි.

දෙමව්පියන්ගේ වෙන්වීම නිසා මානසිකව බිඳ වැටුණු සමන්තා ඉස්ලාමය වැළඳ ගන්නේ ඇය දන්නා අසල්වැසි පවුල්වල මුස්ලිම්වරු යහපත් පවුල් ජීවිත ගත කරන බව ඈ දකින නිසාය. ඉන්පසු ඈ විවාහ වන්නේ ජැමෙයිකාවෙන් බ්‍රිතාන්‍යට පැමිණි කලු මුස්ලිම් තරුණයෙක් සමඟයි. ඔහු පසුව 2005 ලන්ඩන් බෝම්බ සිද්ධියට සම්බන්ධ වෙයි. දුම්රියක බෝම්බ පුපුරුවාගෙන තවත් විසි ගණනකගේ ජීවිතත් රැගෙන ඔහු සිය දිවි නසා ගන්නේ ඔහුගේ දෙවන දරුවා සමන්තාගේ කුසේ සිටියදීයි.

ඉන්පසු සමන්තා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් රැසකට සම්බන්ධව ලෝකය පුරා විවිධ ත්‍රස්ත ක්‍රියාවල නිරත වෙමින් සිටියි. මේ තරම් කෲර, වෛරී මනසක් ඇයට හිමි වුනේ කුමක් නිසාද? එක් පසකින් බටහිර නූතනත්වය නිසාය, අනෙක් පසින් ලෝක මුස්ලිම් අන්තවාදය නිසාය. ඇගේ කතාව බටහිර නූතනත්වය සහ මුස්ලිම් අන්තවාදය අද ලෝකයට කරමින් පවතින විනාශය එකවර පෙන්නුම් කරන අගනා කතාවකි.1377245_643595199006403_276318686_n

Advertisements

2 comments

  1. තමන් අකමැති කෙනෙකු සමග ජීවිත කාලයම ගත කරනවාට වඩා දෙදෙනාගේම කැමැත්ත ඇතිව දික්කසාද වීම හොදය. ඒ ඒ පුද්ගලයන්ට යම් යම් අයිතීන් සහ යම් යම් නිදහස් තිබිය යුතුය. අප ජීවිතය දේශපාලන හෝ සංස්කෘතික හෝ ආගමික බලාධිකාරියක් මගින් පාලනය කරන්නක් නොව නිදහසේ ගත කරන්නක් විය යුතුය. එබැවින්, පුද්ගල නිදහස වෙනුවෙන් පෙනීසිටීම මහ ලොකු බරපතල වරදක් ලෙස හුවාදක්වමින් ඔබ කරන්නේ දක්කන හරක් රැලක් මෙන් මිනිසුන් වැඩ කරන සමාජයක් සෑදීමට ය. අවාසනාවකට, අප සමාජය දැනටමත් තරමක් දුරට දක්කන හරක් රැලක් සේ ජීවත් වේ.

  2. ආගමික කතන්දරය පැත්තකින් තියමු. විවාහයේ පාර්ශවයන් වෙන්නේ අඹු සැමියන් විතරක් නෙවෙයි. දරුවොත් විවාහයේ පාර්ශවයක් තමයි.පුද්ගල නිදහසම හැමවිටම උලුප්පන අය දරුවන්ගේ අයිතිය/දෙමව්පියන් සමඟ එකට සිටීමේ නිදහස ගැන වචනයක්වත් කතා කරන්නේ නැත්තේ ඇයි?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: