විනිග්‍රෝස් කම්හල, රතුපස්වල ජලය සහ වැලිවේරිය

එකට සම්බන්ධ වූ සිද්ධීන් තුනක් වුවත් මේවා වෙනම සලකා බැලිය හැකි කාරණා තුනකි.

විනිග්‍රෝස් කම්හලේ අපද්‍රව්‍ය බැහැර කිරීම

මූලිකවම, විනිග්‍රෝස් කම්හලේ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි පරිදි, අදාළ ප්‍රමිතීන්ට අනුකූලව සිදුවනවා දැයි සොයා බැලිය යුතුය . මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට, ඔවුන්ගේ රෙගුලාසි වලට අනුව කම්හල විසින් අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරනවා දැයි පරීක්ෂා කිරීමේ යුතුකම සහ වගකීම තිබේ. අදාළ අපද්‍රව්‍ය නිසි ප්‍රමිතීන්ට අනුව බැහැර කෙරේ නම් රතුපස්වල ළිං ජලය පිළිබඳව කම්හලට ඇඟිල්ල දිගු කළ නොහැක. නමුත් කම්හලේ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි පරිදි සිදු නොවේ නම් රතු පස්වල ලිං ජලය ආම්ලික වුවත් නැතත්, ඒ ජලය දූෂිත වුවත් නැතත් ඊට අදාළව නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. මෙලෙස කම්හලේ ප්‍රශ්නය රතුපස්වලින් වියුක්ත කර සලකා බැලිය හැක.

රතුපස්වල ජලය

images (1)

රතුපස්වල හා ඒ අවට ප්‍රදේශවා ළිං ජලය  පිළිබඳව නැගෙන මූලිකම චෝදනාව එහි ඇතැයි කියැවෙන අධික ආම්ලිකතාවයි. දැන් ආම්ලිකතාව වැඩි වීම ගැටළුවක් වන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුය.

ලෝකයේ සෑම රටකම පාහේ පානීය ජලය පිළිබඳව තත්ත්ව සම්මුතිය ලෙස සලකනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ පිළිබඳව නිකුත් කර ඇති නිර්දේශයයි (WHO Drinking Water Guidelines). ඊට අනුව පානීය ජලයේ pH අගය සෞඛ්‍යය සඳහා ඍජුව බලපාන්නේ නැත. උදාහරණයක් වශයෙන් දොඩම් හෝ දෙහි යුෂ වල pH අගය අඩුය. නමුත් දෙහි හෝ දොඩම් යුෂ පානය කිරීමෙන් කිසිදු සෞඛ්‍යමය හානියක් සිදු වෙන්නේ නැත. මේ නිසා සෞඛ්‍යමය හේතු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් pH අගය සඳහා නිර්දේශනයන් හෝ නිර්දේශිත අගයන් ලබා දී නැත.

Untitled

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පානීය ජලයේ pH අගය සඳහා 6.5 සහ 8.5 අතර අගයක් නිර්දේශ කර ඇත. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ

1. පානීය ජලයේ රසය (Taste) – හැම විටම ඇඹුල් රසැති ජලය පානය කිරීමට කවුරුන්වත් කැමති නැත.

2. යකඩ නල මාර්ග භාවිතා වන අවස්ථාවල මළ බැඳීම හා ඊට අදාළ ගැටළු

මීට අමතරව රෙදි සේදීමේදී පැල්ලම් ඇති වීම වැනි කාරණාද රාශියක්ද බලපායි. නමුත් ඒවා එකක්වත් සෞඛ්‍යමය හේතු නොවේ. මේ සම්බන්ධයෙන් මනෝජ් අබේධීර මහතා විසින් දිවයින පුවත්පතට සැපයූ ලිපියේද කරුණු දක්වා ඇති මුත් ඔහු අතින් කරුණු සම්පූර්ණව විස්තර වී නොමැත. ( මේ නිසා කිසිත් නොදත්, නමුත් සියල්ල දත් සේ හැසිරෙන බල්ලන් කිහිප දෙනෙක් තැන් තැන්වල උඩුබුරා තිබෙනුද දක්නට ලැබිණි.)

භූගත ජලයේ ආම්ලිකතාව වැඩි වීමට ස්වභාවික හේතුද තිබිය හැක.  පීට් නිධි ආශ්‍රයෙන් බිහිවන ආම්ලික ලවණ සහිත පස්, අම්ල වැසි, දිගු කාලීන නියඟ තත්වයන් නිසා භූ ජල මට්ටම පහළ බැසීම, සහ තවත් නොයෙක් හේතු මත භූගත ජලය ආම්ලික වීම ස්වභාවිකව සිදුවේ. සමහර විට pH අගය 2 දක්වා පහත බසින අවස්ථාද ඇත.

water3

කෙසේ වෙතත් භූගත ජලයේ pH අගය අසාමාන්‍ය ලෙස අඩු වී ඇති නම් එය වෙනත් රසායනික ද්‍රව්‍යයක් කාන්දු වීම නිසා විය හැක්කක් බව සැක කළ හැක. එකී රසායන ද්‍රව්‍යය නිසා ශරීරයට අහිතකර බලපෑමක් සිදු විය හැක. ඒ නිසා එවන් අවස්ථාවල ඒ පිළිබඳව පර්යේෂණ කර සොයා බැලිය යුතුය. එය වෙනම කාරණාවකි.

උදාහරණයක් වශයෙන් කිවහොත්, ළිඳකින් ලබා ගන්නා ජලයේ pH අගය 6.0 වේ නම් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පානීය ජලය පිළිබඳව වන නිර්දේශයන්ට පටහැණිය. නමුත් එකී නිර්දේශ පදනම් වන්නේ පානීය ජලයේ රසය මතය. මේ නිසා යමෙකුට රසය නොසලකා එය පානය කළ හැකි නම් සහ වෙනත් විෂ රසායන ද්‍රව්‍ය නැති නම් ඒ පානය කිරීමේ කිසිදු වරදක්. එසේම pH අගය 7.0 තිබියදී වුවද වෙනත් විෂ රසායන ද්‍රව්‍ය එහි අඩංගු විය හැක. මේ නිසා ජලයේ ආම්ලිකතාව අල්ලාගෙන ඒ පස්සේම දිව යාම මුග්ධකම මිස අනෙකක් නොවේ.

වැලිවේරිය

images

වැලිවේරිය සිද්ධිය පිළිබඳව විවිධ අර්ථකතන ඇත. මෙවන් ආකාරයේ උද්ඝෝෂණ පසු ගිය කාලයේ වරින් වර සිදු විය. නමුත් මේ ආකාරයට ආණ්ඩුව විසින් උද්ඝෝෂණකරුවන් වෙත ප්‍රබල මර්ධනීය ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි. හලාවතදී සහ කටුනායකදී ඝාතණයන් සිදු වුවත් මේ ආකාරයට එළවා පහරදීමක් සිදු වී ඇත්තේ මුල්වරට මේ අවස්ථාවේදීය. අනෙක් අතට මේ සඳහා ආණ්ඩුව යොදාගෙන ඇත්තේද උතුරේ ප්‍රබල සන්නද්ධ සටන්වලට මුහුණ දුන් 58 වන බලකායයි. මෙවන් ප්‍රතිචාරයක් නිසා ආණ්ඩුවට දේශීය සහ විදේශීය වශයෙන් ඇති වන අපකීර්තිය සුළු පටු නොවේ. එමෙන්ම මෙය අහඹු සිදුවීමක් ලෙසද සිතිය නොහැක. මෙය ඇති විය හැකි අපකීර්තිමය තත්වයන්ට මුහුණ දීමේ අදිටනින්ම කළ දෙයකි. ඇතැම් විට එයා ඉදිරියේදී ඇති විය හැකි මෙවන් තවත් කලබල වැළැක්වීමේ අරමුණින් කරන ලද අනතුරු ඇඟවීමක් බව විශ්වාස කළ හැක. විශේෂයෙන් ආණ්ඩුව දේශපාලනමය වශයෙන් ඉතා ශක්තිමත්ව සිටින මොහොතක සිද්ධිය නිසා දේශීය වශයෙන් එල්ල විය හැකි බලපෑම අල්පය.

මෙවන් සිදු වීම් තුළින් වාසි ගැනීමට මාන බලන පුද්ගලයන් මේ පසු පස සිටින බවද අප අමතක කළ යුතුය. දිගින් දිගටම අසාර්ථක වූ වසන්තවලින් පසු ඇතැමුන් බලා සිටින්නේ කුමන හෝ සිද්ධියක් මුල් කරගෙන වසන්තයක් නිර්මාණය කර ගැනීමටයි. කෙසේ නමුත් රතුපස්වල සිද්ධිය වැලිවේරිය දක්වා ඔඩු දුවන තෙක් නිෂ්ක්‍රීයව බලාහුන් ආණ්ඩුවට මෙහිදී විරෝධය එල්ල විය යුතුය. ඉන් වන්දි ගෙවීමට සිදුවූයේ පාසල් දරුවන් දෙදෙනෙකුට සහ තවත් අහිංසකයෙකුටය. දැන් කුමන ක්‍රියාමාර්ග ගත්තත් ඔවුන්ගේ ජීවිත වලට නැවත පණ ලබා දිය නොහැක. මේ නිසා කුමන ආකාරයේ වසන්තකරුවන් මේ පසුපස සිටියත්, නැතත් අදාළ සිද්ධීන්ට පූර්ණ ලෙසම ආණ්ඩුව වග කිව යුතුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: