ෆේස්බුක් සටන්

අද විපාක්ෂිකයන් (ජවිපෙ සහ එජාප ) හොඳටම අවබෝධ කරගෙන ඉන්න දෙයක් තමයි ප්‍රජාතත්‍රවාදී ක්‍රමයකින් ඔවුන්ට බලයට එන්න බැරි බව. ඔවුන්ගේ පක්ෂවල අතිශය දුර්වල නායකත්වයන් සහ ඒ පක්ෂ වල මෑත ඉතිහාසයේ ක්‍රියා කලාපයන් ඊට හේතු වේ.  නමුත් ඔවුන් ඒ ගැන කතා කරන්නෙ නැත.

මේ විපාක්ෂිකයන් (වැඩි වශයෙන්ම ෆේස්බුක් එකේ ඉන්න අය.) කරන්නේ ඒ ඒ කාලයට එන මොකක් හරි සිද්ධියක් මුල් කරගෙන ඒ ඔස්සේ ප්‍රබල සිවිල් ජනතා විරෝධයක් ඇති කරන්න උත්සාහ කිරිමයි. මේ අය සිතා සිටින්නේ යම් සිද්ධියක් පාදක කරගෙන කෙසේ හෝ ප්‍රබල ආණ්ඩු විරෝධයක් මහජනතාව අතරින් මතු කර ගැනීම, එමඟින් අරාබි පන්නයේ වසන්තයක් නිර්මාණය කර ගැනීම සහ ආණ්ඩුව පෙරළා දැමීම, මේ ඔස්සේ කළ හැකි බවයි.

මේ ඊනියා සටන් සඳහා ඔවුන්ගේ පක්ෂවලින් ඍජු සහායක් ලැබෙන්නේත් නැත. මේ විපාක්ෂිකයන් පිරිස ඉන්නෙ වැඩිවශයෙන්ම කොළඹ කේන්ද්‍ර කරගෙනය. කොළඹින් පිට ගැන ඔවුන්ට තිබෙන අවබෝධය අඩුය. ඔවුන්ට සැලකිය යුතු සමාජ අර්ථික මට්ටමක් තිබේ. ඔවුන්ගේ ගේ මේ ඊනියා සිවිල් ව්‍යාපාර බොහොමයක් තියෙන්නේ ෆේස්බුක් එක ඇතුළේ විතරය. විශේෂයෙන් කොළඹින් පිටත මහජනතාව අතරට ඒවා යන්නෙ  නැත.

පහුගිය කාලෙ පුරාම මෙවන් රැලි එකක් පසු පස එකක් පැමිණි බව පෙනේ: ලයිට්බිල් සටන/අපි ගෙවන්නේ නෑ ව්‍යාපාරය, ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීම, 6% අධ්‍යාපන සටන, … . මේ විදියට වරින් වර පැමිණෙන මේ ඊනියා සටන්වල පොදු ලක්ෂණ කීපයක් තිබේ:

1. සති කිහිපයක් පුරා මේ ගැන ෆේස්බුක් එකේ අධිකව ක්‍රියාකාරී වීම, ස්ටේටස් අප්ඩේට්, සිංදු/කවි කෑලි, කොමික් කෑලි එකිනෙකා ෂෙයාර් කර ගැනීමෙන් වින්දනයක් ලැබීම.

2. හැමෝම වගේ ආකර්ෂණීය ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් එකක් දමා ගැනීම.

3. වෙනම ෆේස්බුක් ගෘප් නිර්මාණය කිරීම.

4. රටේ තියෙන එකම ප්‍රශ්නය ඒ කාලයට එන ඒ ප්‍රශ්නය පමණක් යැයි සිතීම.

5. වෙනත් යමක් ගැන කතා කළ විට එය ඒ ප්‍රශ්නය අමතක කරන්න උත්සාහ කරන උප්පරවැට්ටියක් යැයි කෝප ගැනීම සහ ඒ ගැන කතා නොකිරීම පිළිබඳව අන් අයට බැන වැදීම. (උදාහරණයකට පසුගිය කාලයේ 13 ගැන කතා කිරීම ලයිට්බිල් ප්‍රශ්නය යට ගැසීමට කරන ලද උප්පරවැට්ටියකි.)

6. පරණ ප්‍රශ්නය මුළුමනින්ම 100% ක් අමතක කර දැමීම. (උදාහරණයකට දැන් 6% ගැන කවුරුවත් කුමන අයුරකින්වත් කතා කරන්නේ නැත. නමුත් ඒ දවස්වල ඇතැමුන් බෙරිහන් දුන්නෙ නම් 6% දුන්නේ නැත්තම් හරියට ඔවුන්ගේ හුස්ම හිරවෙනවා වගේය.)

නමුත් කලින් කී පරිදි මේවා මහජනතාව අතරට යන පාටක් පේන්නෙ  නැත. මේ නිසා මේ විපාක්ෂිකයන් මහජනතාව සමඟ කෝපයෙන් ඉන්න බවකුත් පෙනේ. පසුගිය දිනවල ඔවුන් කීප දෙනක් කරන ලද ප්‍රකාශවලින් ඒ බව පෙනෙන්නට තිබේ. එක් අයෙක් කීවේ මේ රටට කෙළ වී ඇත්තේ සර්වජන ඡන්ද බලය නිසා බවයි. තවත් කෙනෙක් මේරටේ ඉන්නේ නපුංසක මහජනතාවක් බව ප්‍රකාශ කර තිබුණි.

මේ රටේ ඇතැම් ප්‍රශ්න ගැන ඔවුන්ගේ අවධානය යොමු නොවීමද සැලකිය යුතු කාරණයකි.

1. 13 වන සංශෝධනය අහෝස් නොකිරීම නිසා උතුරේ බෙදුම්වාදය යළි හිස ඔසවිය හැකි අවදානමක් තිබීම
2. විෂ පළිබෝධ නාශක නිසා රජරට වකුගඩු රෝගයෙන් දිනකට දෙදෙනෙකු බැගින් මිය යාම
3. හලාල්කරණය සහ මුස්ලිම් ව්‍යාප්තවාදය

මේවා ගැන, මේ කියන විපාක්ෂිකයන් උනන්දුවක් නැත. සමහර විට ඔවුන්ට ඒවා ප්‍රශ්න නොවිය යුතුයි.  ඒවා ගැන උනන්දු පිරිසගේ ක්‍රියාකාරීත්වය වෙනස් ආකාරය. ඔවුහු ඒ ගැන දිගටම ක්‍රියාකාරීව සිටිති. වරින් වර නැවත නැවත ඒ ගැන කතා කරති.

546253_10151092152631305_997019119_n 923208_10151552132678190_1078414557_n 935276_10151529296768190_1794931533_n

Advertisements

7 comments

  1. රජරට වකුගඩු රෝගය සහ මුස්ලිම් ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්තවාදය සැළකිය යුතු ප්‍රශ්න වේ. එසේ වූ පමණින් අධ්‍යාපනය සදහා කරන රාජ්‍ය වියදම් කප්පාදු කිරීම වැනි ප්‍රශ්න පිළිබද කතාකිරීම නොසළකා හැරිය යුතු නැත. අද අප රටේ පාසල් දුවන්නේ දෙමාපියන්ගේ වියදමිනි. පාසලට කොස්ස, වයිට් බෝඩ් එක, මාකර් එක, පමණක් නොව පාසල් වල ගොඩනැගිලි සෑදීම සිදුකරන්නේ ද දෙමාපියන්ගේ මුදල් හා ශ්‍රමය මගිනි. එනමුත්, රටේ අධ්‍යාපන ඇමතිවරයෙක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයක් ඇත. අද අප රටේ නගරබද පාසල් හා ග්‍රාමීය පාසල් අතර දැඩි විෂමතාවයක් හටගෙන ඇත්තේ ද දෙමාපිය මුදලින් පාසල් දුවන නිසාය. ආනන්දේ රෝයල් එකේ විශාඛා එකේ ළමයිගේ දෙමාපියන්ට පාසල් නඩත්තුව වෙනුවෙන් ගෙවන්න සල්ලි ඇත. නමුත්, නිකවැරටිය මධ්‍යමහා විද්‍යාලය වැනි ගම්බද පාසල් වල ළමයින්ගේ දෙමාපියන්ට පාසලේ පන්තිකාමරයට වයිට් බෝඩ් එකක් අරන් දෙන්නට සල්ලි නැත. අද රටේ “ලොකු ඉස්කෝල“ හා “පොඩි ඉස්කෝල“ වශයෙන් වෙනසක් ඇතිවීමට හේතුව මෙයයි. දෙමාපියන්ගේ වියදමෙන් රජයේ වියදමෙන් සියලු පාසල් නඩත්තු වේ නම් ගම්බද හා නගරබද පාසල් අතර වෙනස ද ක්‍රමයෙන් තුනී වී යනු ඇත. ආණ්ඩුව විසින් බලය යොදා 6% සටන නැවැත්වූ බව සැබෑය. නමුත් 6% සටනට පාදක වූ ප්‍රශ්නය තවම විසදී නැත. එය අප තුල කතිකාවට ලක්විය යුතු ප්‍රශ්නයකි. යම් ප්‍රශ්නයක් මැර බලය යොදා යටකර දැමූ පමණින් එම ප්‍රශ්නය නොවැදගත් බව ගම්‍යමාන නොවේ

  2. ඉස්ලාම් අන්තවාදයක් රට තුළ පවතින බව සත්‍ය ය. ස්ත්‍රීන්ව පීඩාවට පත්කරන පරපීඩාකාමී, නොදියුණු සහ පසුගාමී බවෙන් යුත් ගෝත්‍රික ශරීයා නීතිය ද ප්‍රාදේශීය මට්ටමෙන් හිස ඔසවන්නට වෙර දරන බවක් ද පෙනෙන්නට තිබේ. පසුගිය දිනෙක ප්‍රේම හබයක් නිසා මුස්ලිම් පල්ලියකින් ගෑණු දරුවෙකුගේ කෙස් කළඹ කැපීම ඊට නිදසුන් ය. නමුත්, ඉස්ලාම් අන්තවාදයට විසදුම සිංහලබෞද්ධ ගෝත්‍රවාදය නොවේ. සිංහලබෞද්ධ ගෝත්‍රවාදය හරහා මුස්ලිම් ගෝත්‍රවාදය මඩින්න යාමෙන් සිදුවෙන්නේ ජංජාලයක් පමණි. ශරීයා නීතිය ආගමික නිතීයකි. ආගමික නීති රටකට අවශ්‍ය නැත. ආගමික නීතියක් වන ශරීයා නීතිය රට තුළ ස්ථාපනය වීම වැළැක්වීමට හැක්කේ රජය හා ආගම එකිනෙකින් වෙන්කරන ඓහික ව්‍යවස්ථාවක් හරහා ය. අපට එක් ආගමකට ප්‍රමුඛස්ථානය දීම තුල සිදුවන්නේ ප්‍රාදේශීය වශයෙන් හෝ අනෙකුත් ආගම් වලට සැළකිලි ලබාගැනීමට මිනිසුන් තුළ උවමනාවක් ඇතිවීමයි. මේ තත්ත්වය සදහා විසදුම වනුයේ කිසිදු ආගමකට විශේෂ තැකීමක් නොකර ඓහික ව්‍යවස්ථාවක් පවත්වා ගැනීමය. අතීතයේ අප රට තුළ බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහ ලැබුණු බව සැබෑය. නමුත්, යම් ක්‍රියාවක් අතීතයේ සිදුවූ පමණින් ඒ ක්‍රියාව නිවැරදි දෙයක් බව ගම්‍යමාන නොවේ. අතීත රජවරුන් කරපු දේ වැරදිය. අප ඒ වැරැද්ද නිවැරදි කළ යුතුය. මුස්ලිම් ගෝත්‍රිකයන්ව මැඩලිය හැක්කේ ඓහික ව්‍යවස්ථාවක් හරහා මිස නෝලිමිට් යන්නන්ට කුණු බිත්තර ගැසීමෙන් නොවේ.

  3. අදහස් ප්‍රකාශ කළාට ස්තුතියි.

    වකුගඩු රෝගය හෝ මුස්ලිම් ප්‍රශ්නය තිබූ පළියට අධ්‍යාපන ප්‍රශ්නයකැ නැතැයි හෝ ඒ ගැන කතා කළ යුතුයැයි මා අදහස් කර නැත. මා මෙහි නගන මූලික තර්කය නම් අණ්ඩු විරෝධීන් එක් එක් අවස්ථාවල යම් යම් ප්‍රශ්න තෝරා ගන්නා බවත්, ඒ තෝරාගන්නා ප්‍රශ්නය පිළිබඳව අසීමාන්තික අවධානය යොමු කරන බවත්, ඉන්පසු එය මුළුමනින්ම අමතක කරන බවත්ය. උදාහරණයකට 6% සටන පිළිබඳව ඒ දිනවල විශාල ලෙස ෆේස්බුක් එක තුළ ක්‍රියාකාරී වු චරිත කීපයක් දැක්විය හැක. නමුත් අද ඔවුන් ඒ පිළිබඳව එකම වචනයක් වත් කතා කරන්නේ නැත. අද ලයිට් බිල ගැන කිසිම පුද්ගලයෙක් කතා කරන්නේ නැත. මේ නිසා ඔවුන් දක්වන්නේ ප්‍රශ්න පිළිබඳව ව්‍යාජ සංවේදී කමක් බව නිගමනය කළ හැක.

    ජාතික ව්‍යාපාරයේ පුද්ගලයන් විසින් අවධානය යොමුකරන හලාල් හෝ ආසනික් ගැන කතාව මීට වෙනස්ය. (ඔවුන්ගේ සංවේදීතාව අව්‍යාජ යැයි ඉන් නිගමනය කළ නොහැක.) හලාල් ගැන විශේෂ අවධානයක් දක්වන කෙනා දිගටම වරින් වර ඒ ගැන අවධානය යොමු කරයි. ආසනික් ගැන කතා කරන කෙනා දිගටම ඒ ගැන කතා කරයි.

  4. මුස්ලිම් ප්‍රශ්නය හෝ ඓහික රාජ්‍ය ගැන ඔබේ මතය පිළිනොගනිමි. කෙසේ වුවත් එය මේ ලිපියේ .මාතෘකාවෙන්/සන්දර්භයෙන් ඔබ්බට යන නිසා ඒ ගැන මෙතන දීර්ඝව කතා නොකරමි.

  5. මා දකින ආකාරයට 6% ප්‍රශ්නය දැනට යටපත්ව ඇත්තේ වත්මන් රෙජිමය විසින් එය බලය යොදා යටපත් කර ඇති නිසාය. එය එසේ වීම අවසනාවන්ත කරුණකි. නමුත්, මුස්ලිම් ප්‍රශ්නය “විසදීමට“ යැයි දැනට ක්‍රියාකරන “ජාතිකවාදීන්“ කරන වැඩ වලින් සිදුවන්නේ දැනට ඇති මුස්ලිම් ප්‍රශ්නය තවත් උග්‍රවීමයි. මුස්ලිම් ප්‍රශ්නය විසදීමට සැබෑ ලෙසම වෙහෙසෙන්නේ ඓහිකවාදීන් වේ. මන්දයත්, ඓහිකත්වය යනු මුස්ලිම් ප්‍රශ්නයට ඇති හොදම විසදුම බැවිනි.

  6. 6% සටන යටපත් වීම සඳහා නම් රෙජීමය විශේෂ බලයක් යොදා නැහැ. සරසවි ඇදුරන්ට වර්ජනය දිගටම පවත්වා ගෙන යාම අපහසු වීම නිසාත් ඔවුන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස වැඩි වීමත් ඊට මම දකින හේතු.

    කොහොම වුනත් මම මෙතන කියල තියෙන්නේ සරසවි ඇදුරන් ගැන නෙවෙයි, ෆේස්බුක් එකේ 6% සටන වෙනුවෙන් විශාල ලෙස මුර ගෑ පිරිසක් හිටියනේ ඒ දවස්වල. ඔවුන්ට නම් රෙජීමයෙන් කොහොමවත් බලපෑමක් එල්ල වුනාකියල හිතන්න අමාරුයි. ඒ අය දැන් අධ්‍යාපනය ගැන වචනයක් වත් කතා කරනවා පේන්න නැහැ.

  7. කුමන හෝ හේතුවක් නිසා 6% සටන යටපත්ව ඇත. නැතිනම්, යටපත් කර ඇත. එය අවසනාවට කරුණකි. එසේවුවද, 6% සටනට පාදක වූ කරුණු සහ 6% සටනේ ඉල්ලීම් සධාරණ බව අප පිළිගත යුතුය. මුස්ලිම් ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්තවාදය ගැන ජාතිකවාදීහු අව්‍යාජ වශයෙන් සංවේදී වනවා වන්නට පුලුවන. නමුත්, ප්‍රශ්නය විසදීමට යැයි ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග වලින් වනුයේ ප්‍රශ්නය තවත් වැඩිවීම පමණි. මුස්ලිම් ව්‍යාප්තවාදයට සැබෑ ප්‍රායෝගික විසදුමක් කරන්නෝ වනාහී ඓහිකවාදියෝ ය. ඓහිකවාදීන් තවමත් මුහුණුපොතේ ක්‍රියාත්මකය. ඒ අන් කවරක් නිසාවත් නොව මුස්ලිම් ගෝත්‍රිකයන් නිසා ඇතිවූ ප්‍රශ්න පිළිබදව ඓහිකවාදීන් සැබෑ ලෙස සංවේදී වන නිසාය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: