බෝවත්තේ ඉන්දරතන හිමියෝ සහ ධර්ම විනිශ්චය

Screen Captureඉන්දරතන හිමියන්ගේ අපවත් වීමෙන් පසුව උන්වහන්සේට අපවාද කරනු වස්, නොයෙකුත් පිරිස් ධර්ම විනිශ්චයන් දෙන්නට වූහ. බෞද්ධයන් කළ යුත්තේ තම තමන්ගේ පටු සහ පවිටු දේශපාලන වුවමනාවන් උදෙසා හුදු හිතලු මත ධර්ම විනිශ්චයන් දීම නොව, මේ පිළිබඳ විඥ්ඥූන් පවසා ඇත්තේ කුමක්ද යන්න සලකා බලා ධර්ම සහ විනය අනුව තීරණ ගැනීමයි.

බෞද්ධ සමාජයේ කාගේත් ඉහළම බුහුමනට පත් යතිවරයානන් වහන්සේ කෙනෙකි මහාචාර්ය පූජ්‍ය රේරුකානේ චන්ද විමල නාහිමිපානන් වහන්සේ. උන්වහන්සේ මීට අදාළ කාරණා පිළිබඳ සවිස්තර විග්‍රහයක් ධර්ම විනිශ්චය නම් පුස්තකයකින් දක්වා ඇත. අපි උන්වහන්සේගේ කෘතිය ඇසුරෙන් ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාවට එල්ලවන අපවාද පිළිබඳ පිළිතුරු දෙමු.

.

සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවේ ද?

මුලින්ම එල්ල වූ ගුඩු තර්කය නම් ඉන්දරතන හිමියන් විසින් සිදු කර ඇත්තේ ප්‍රාණඝාතයක් බවයි. මේ ප්‍රශ්නය සඳහා ධර්ම විනිශ්චය පුස්තකයේ 58 වන පරිච්ඡේදය වෙන් කර ඇත. ඉන් උපුටා දක්වමි:

1

දිවි නසා ගැනීම අපායෝත්පත්තියට හේතු වන මහා පාප කර්මයක්ද?

මීළඟට අසන ලද්දේ ප්‍රාණඝාතයක් නොවුවත් ඒ මහා පාපීක්‍රියාවක් / අකුසලයක් නොවේද යන්නයි. මේ පිළිබඳව දීර්ඝ ලෙස ධර්ම විනිශ්චය පුස්තකයේ 59 පරිච්ඡේදයේ කරුණු විග්‍රහ කර ඇත. උපුටනයක් පමණක් මෙහි දක්වමි:

2

ආපත්තිය පාපයක්ද?

මේ අතර රේරුකානේ හිමියන්ගේ උපසම්පදා සීලය නම් තවත් පොතකින් උපුටාගත් පාඨයක් අන්තර්ජාලය යමෙකු විසින් පල කෙරුණු අතර එය ඉන්දරතන හිමියන්ට පහර දෙන්නන් අතර සීඝ්‍රයෙන් “ෂෙයාර්” විය:

“….උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වසකෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ… මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය….”

මෙය රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ උපසම්පදා සීලය නම් පුස්තකයේ එක් පරිච්ඡේදයක මුලින් හා අගින් ගත් උපුටනයන් දෙකක් එක් කොට තැනුවකි. පළමු කොටසෙන් කියැවෙන්නේ දිවිනසා ගැනීම දුකුලා ඇවැතක් බවයි. නමුත් දුකුලා ඇවැත් නොවන දිවිනසා ගැනීම්ද ඇති බව මීළඟට විස්තර වේ. ඒ කොටස වුවමනාවෙන්ම හලා ඇත. ඊළඟට යම් කරුණු මත උපවාස කිරීමෙන් ඇවැත්වන බව දැක්වෙන කොටසක් ඊට එක් කර ඇත. එහි සඳහන් වන්නේ උපවාස කිරීමක් ගැන මිස දිවි නසා ගැනීමක් ගැන නොවේ.

ආපත්ති යනු පාපයක්ද යන්න පිළිබඳව ධර්ම විනිශ්චය පුස්තකයේ 33 වන පරිච්ඡේදයේ කරුණු විස්තර කෙරී ඇත:

3

ඉන්දරතන හිමියන්ට ගර්හා කරන්නන් හට අපට කීමට ඇත්තේත් නූගත් ජනයා රවටමින් රට ගිනි නොතබන ලෙසයි.

Advertisements

2 comments

  1. පැහැදිලිවම තවත් එක පාර්ශ්වගාමී අර්ථකථනයක්. මා දන්නේ නැහැ ඔබ මේ ප්‍රතිචාරය පළකරයිද කියා.

    විනය පිටකය අනුව නම්, සියදිවි නසා ගැනීම පාරාජිකාවක් නොවේ; ඊට වඩා අඩු, දුක්කටාපත්ති නම් වරදකි. දුක්කටාපත්ති හෙවත් දුකුලා නොවී සිය දිවි නසාගත හැකි අවස්ථා ද හතරක් තිබේ. මේවාට අයත් නොවන සියදිවි නසාගැනීම පැහැදිලි වරදකි; ආපත්තියකි. වරදක් නොවේ නම් ආපත්තියක් නොවිය යුතුය. ආපත්තියක් වන්නේ වරදක් නිසාය, එනම් පැවිද්දකු හට නොගැළපෙන නිසා ය.

    කවුරුන් කොහොම කීවත් මෙය ජීවිත පූජාවක් නොවේ. සමහරුන් කියන ලෙස පරමත්ථ පාරමිතාවක් ද නොවේ. පාරමී, උප පාරමී සහ පරමත්ථ පාරමී යනුවෙන් පෙරුම් පුරන අවස්ථා තුනකි. පාරමී යනු පුද්ගලික දේපළ සහ අඹු දරුවන් පවා කැප කරගෙන කරන පිරීමයි. උප පාරමී යනු ශරීරාවයව පවා කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී යනු ජීවිතය කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී පුරන්නට නම් ඉතුරු අවස්ථා දෙකම සපුරා තිබිය යුතුය. එමෙන්ම, ජීවිතය කැප කරන්නේ දානය, සීලය වැනි කවර හෝ ඉහත දක්වා ඇති කරුණු දසයෙන් එකක් පිණිස විය යුතුය. එය බෝසත් චර්යාවක් වන්නේ එවිට ය. උදාහරණයක් ලෙස, සස ජාතකයේදී බෝසතුන් දිවි පිදුවේ, “මගේ ශරීර මාංශය තවෙකෙකු හට දානයක් වේවා!” යන චේතනාවෙනි. ඔහේ හිතුමනාපේ ජීවිතය පූජා කළාට බෝසත් සිරිතක් වන්නේ නැත. හරකුන් මැරීමට එරෙහි වීම හොඳ බව සැකයක් නැත. එහෙත් එමගින් සපිරෙන්නේ කවර නම් පාරමිතාවක් ද?

    අනික පරමත්ථ පාරමිතාවක් පුරන්නට නම් අබුද්ධෝත්පාද කාලයක ඉපිද සිටිය යුතුය. යුගානුක්‍රමය අනුව, පූර්ණා, තෙත්‍රා, ද්වාපර සහ කලි යනුවෙන් යුග හතරකි. පූර්ණා යුගයේ දී මුළු කාලයේම ධර්මය පවතී. තෙත්‍රා වේ දී හටහ්රෙන් තුන් කොටසක ධර්මය ද එක කොටසක අධර්මය ද වේ, ද්වාපරයෙහි දී දෙකොටසක දහම ඇත, දෙකොටසක අදහම ඇත. කලි යුගයේදී හතරෙන් එක කොටසක දහම වෙයි. ඒවා ද, ආරෝහ වට්ටය සහ අවරෝහ වට්ටය ලෙස දෙකකි. ආරෝහවට්ටය දහම වැඩිවන පිළිවෙලට (එනම් කලි, ද්වාපර, තෙත්‍රා සහ පූර්ණා ලෙස) වේ. අවරොහ වට්ටය එහි අනිත් පැත්තයි. ආරෝහ සහ අවරෝහ වාට්ට දෙක මාරුවෙන් මාරුවට යෙදේ. අප මේ ඉන්නේ අවරෝහ වට්ටයක අවසාන කලි යුගයේ ය. එනම් ඊළඟ යුගයද කලි යුගයක් ම වේ. යුග අටක් කල්පයකි. සමහර කල්ප වල බුදුවරු නූපදිති. කල්පයකට උපරිම බුදු වරුන් බුදු වෙන්නේ පස්නමකි. එවැනි කල්ප, මහා භද්‍ර කල්ප නම් වේ. මේ කල්පය මහා භද්‍ර කල්පයකි. දැනට මෙහි බුදුවරු සිවු නමක් බුදුව අවසන් ය. එනම් කකුසඳ, කෝණාගමන, කස්සප, ගෞතම ලෙසයි. ඊළඟ බුදුන් වන මෙතේ බුදුන් බුදු වන්නට පෙර කල්ප විනාශයක් සිදු වේ. පරමත්ථ පාරමිතාවක් පුරන්නට නම් ඊට පසුව, එනම් ධර්මයේ පූර්ණ වියැකී යාමෙන් පසුවම විය යුතුය. ඒ අනුව මෙය කෙසේවත් පරමත්ථ පාරමී පිරිය හැකි කල්පයක් නොවේ.

    ගෝධික තෙරුන්ගේ කතාව මේ ක්‍රියාව සමග කොහෙත්ම සමගාමී කළ නොහේ. එහෙත් එය මෙහි ප්‍රතිචාරයකින් දැක්වීමට තරම් කෙටි එකක් නොවේ.

    මෙන්න සම්පූර්ණ විග්‍රහය.

  2. මෙය මගේ ඒක පාර්ශ්වික විග්‍රහයක් නොවේ. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල නාහිමියන් විසින් ධර්ම විනිශ්චය නම් කෘතියේ දක්වන ලද ධර්මානුකූල විග්‍රහයකි. මා එය උපුටා දැක්වූවා පමණි.

    සිය දිවි නසා ගැනීමේ ප්‍රාණ ඝාතයක් නොවන බව ඉතාම පැහැදිලි ආකාරයෙන් උන්වහන්සේ පැහැදිලිවම කරුණු සාධක සහිතව දක්වා ඇත.

    මෙය පරමත්ථ පාරමිතාවක් යැයි මා කොහේවත් කියා නැත. නමුත් ජීවිත පූජාවක් නොවන්නේ කෙසේද යන්න ඔබ පැහැදිලි කර නැත. උන්වහන්සේගේ අරමුණ කුමක්දැයි අපට නිශ්චිතවම හරි හැටි කිව නොහැක. උන්වහන්සේ අවසන් වරට ප්‍රාර්ථනා කළේ “ගව ඝාතණය අප රටින් තුරන් වේවා!” යන්නයි. කවුරු මොනවා කිව්වත් එය උසස් ප්‍රාර්ථනාවකි. ඒ නිසා මෙය උසස් අර්ථයෙන් කළ සිය දිවි නසා ගැනීමක් ලෙස කල්පනා කිරීමේ කිසිදු වරදක් නොවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: