විදුලිබිල සංශෝධනය ගැන

බටහිර ගැත්තන්, බෙදුම්වාදීන්, යූඇන්පී කාරයන්, මාක්ස්වාදීන් සහ නොයෙක් ආකාරයේ බෞද්ධ විරෝධීන් සියලු දෙනාට අවශ්‍ය මේ ආණ්ඩුව පෙරළා දමා ඔවුන්ට අභිමත බෙදුම්වාදී, විජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටය. ඒ සඳහා ඔවුහු, ඔවුන් අතර පවතින අසමගිතා දුරලා එකා මෙන් එක්සේසත්ව සිටගෙන සිටිති. මේ සඳහා බටහිර තානාපති කාර්යාලවල නොමසුරු සහයෝගයද ඔවුනට ලැබේ.

නමුත් මේ බලවේගවලට නායකත්වය දිය හැකි ශක්තිමත් දේශපාලන චරිතයක් නැත. ඔවුන් තැනූ සාර්ථකම පුද්ගල නායකත්වය වූ ෆොන්සේකා ද අසාර්ථක විය. මේ නිසා පසුගිය වසර කීපයටම ඔවුන් උත්සාහ කරන්නේ රට තුළ සිවිල් නැගී සිටීමක් ඇති කිරීමටය. ඒ සඳහා ඔවුහු ඒ ඒ කාලවලදී පැන නඟින මොකක් හෝ එකක එල්ලෙති. කටුනායක, ධීවර, විශ්වවිද්‍යාල, අලුත්කඩේ ඔස්සේ පැමිණ අලුතෙන්ම ඔවුන් එල්ලී සිටින්නේ විදුලිබිලේයි. විදුලිබිල වැඩි කිරීමට විරුද්ධව බෙරිහන් දෙන , විශේෂයෙන් ෆේස්බුක් එකේ, බහුතරයක් එසේ කරන්නේ විදුලිබිල වැඩි වීමට සංවේදී වීම නිසා නොව ඔවුන් හුදු ආණ්ඩු විරෝධීන් නිසාය. ඔවුන්ට අවශ්‍ය මොකක හෝ එල්ලී මේ ආණ්ඩුව පෙරළීමයි.

අනෙක් පසින් මේ ආණ්ඩුව පෙරළීමට බෞද්ධ විරෝධී, විජාතික බලවේග දත කෑ පළියට මේ ආණ්ඩුව බෞද්ධය, ජාති හිතෛශීය යන්නක් ඉන් අදහස් නොවේ. මේ ආණ්ඩුව ජාතිකවාදී ප්‍රතිපත්තියක පිහිටා සිටින ආණ්ඩුවක් නොවේ. ඒ තුළ දූෂණ, අක්‍රමිකතා ඉහ වහා ගොසින්ය. නමුත් මේ ආණ්ඩුව පෙරලා ඔවුන් ගෙන එන්න දතකවන ආණ්ඩුවක පාලන සමයේත් ඒවා එසේමවනු ඇත. මේ ආන්ඩුවේ සිටින කාක්කෝ සියල්ල එක සැනෙන් එපිලට පනිනු ඇත. ප්‍රශ්නය ඇත්තේ 1977න් පසු බිහි වි ඇති දේශපාලන සංස්කෘතිය තුළයි.

කෙසේ වෙතත්, විජාතිකත්වයට හෝ බෙදුම්වාදයට රට යට නොවී බේරා ගැනීම සඳහා මේ රටේ ජාතික බලවේග වලට සිදු වී ඇත්තේ මහින්දගේ ආණ්ඩුවේ සියලු අක්‍රමිකතා ඉවසමින් බලා සිටීම පමණක් බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය.

නැවතත් විදුලි බිල ගැන කතා කරනවා නම් මේ රටේ විදුලි පරිභෝජකයන්ගෙන් 49% භාවිතා කරන්නේ ඒකක 60කට අඩුවෙනි. විදුලි බලය නොමැති පිරිස් ද සමඟ සලකා බලන විට රටේ බහුතරයකගේ විදුලි භාවිතය ඒකක 60 අඩුය. කොළඹ ඉපිද, කොළඹ ඉගෙන ගෙන කොළඹ පුද්ගලික ආයතනයක (ගැලපෙන වචනය ප්‍රයිවට් ෆර්ම් වේ) රස්සාවක් කරන කොළොම්බියන්සලා රටේ අනෙක් පෙදෙස්වලට යන්නේ විනෝද සවාරියදී පමණය. ඔවුන්ට මෙය තේරුම් ගැනීම අසීරු විය හැක.

මට වැටහෙන පරිදි නව ගාස්තු සංශෝධනය සමඟ ඒකක 30 ට අඩු විදුලි පරිභෝජකයන්ගේ (සමස්තයෙන් 22%) ගාස්තුව වැඩිවන්නේ නැත. ඒකක 30-60 අතර විදුලි පරිභෝජකයන්ගේ (සමස්තයෙන් 26%) ගාස්තුව 15%-30% අතර ප්‍රමාණයක් වැඩි වේ. මුදලින් ගතහොත් එය මාසයකට රු. 60ක පමණ ප්‍රමාණයකි. ඒකක 60 ට වැඩි විදුලි පරිභෝජකයන්ගේ ගාස්තුව දෙගුණයකට වඩා වැඩිවේ. ඒකක 300ට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරන්නාගේ ගාස්තුව රු. 5,000කින් පමණ වැඩි වේ. ඔහුගේ ආදායම් තත්වය අනුව ඔහුට එය දැනෙන්නක් විය නොහැක. මේ අනුව නව ගාස්තු සංශෝධනය වැඩිපුරම බලපාන්නේ ඒකක 60-120 අතර භාවිතා කරන මධ්‍යම මට්ටමේ ආදායම් ලබන්නන්ටයි. (ඔවුන් ජනගහණයෙන් 38%ක් පමණය.)

රජය විදුලි බල ගාස්තුව වැඩි කිරීමට හේතු විනිවිදභාවයකින් තොරව ඉදිරිපත් කර නැත. විදුලි බිල වැඩි කිරීමක් අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ අධිකව පරිභෝජනය කරන්නන්ට වැඩි බරක් තබා ගාස්තු සංශෝධනය කිරීමයි. එසේ නොකර රටේ මධ්‍යම පාංතිකයන් වෙත බර පැටවීමක් පමණි සිදු වී ඇත්තේ. ආණ්ඩුව විසින් වෙනත් සාධනීය කිසිවක් කර නොමැති වකවානුවක මේ හේතුවෙන් සිදු වී ඇත්තේ ආණ්ඩුව කෙරෙහි ඇති ජනප්‍රසාදය අඩු වීම පමණකි.

images

Advertisements

One comment

  1. දන්නවද මාර වැඩේනෙ වෙලා තියෙන්නේ. “අපි ගෙවන්නේ නෑ” වර්ජනකයින් නිසා ගිය මාසෙ ලංකාවෙ කවුරුවත්ම විදුලි බිල ගෙවලා නෑ. ඉතින් විදුලි බල මණ්ඩලය වහල දාලා. අපේ පැත්තට විදුලිය නෑ. මම මේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ආවෙ ඒ ගැන කියන්නයි.

    අනේ “අපි ගෙවන්නේ නෑ” වර්ජකයෙනි, කරුණාකර විදුලි බිල ගෙවන්න කියල ආයිත් ජනතාවට කියන්නකෝ. නැත්නම් අපි කොහොමද බුකියෙ ගෲප් වල දේශපාලන පොර ටෝක් දාන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: