ජාතික ව්‍යාපාරයේ ගමන් මඟ

අපට ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ ඇයි? අපට ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ අන් කිසිවක් නිසා නොව අපටම වූ ශක්තිමත් ජාතික රාජ්‍යයක් බිහි කර ගැනීමටය. අද අපට ඇත්තේ නාමමාත්‍ර වූ ජාතික රාජ්‍යයක් පමණි. අපේ රට බටහිර යටත් විජිතකරණයෙන් තවමත් මිදී නැත. දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් අපේ රට නොයෙක් ආකාරයෙන් බටහිර රටවල ග්‍රහණයට නතුව තිබේ.

ඉංග්‍රීසි යටත්විජිතකරණය

වසර 2300 පමණ නොයෙක් සතුරු ආක්‍රමණ මාධ්‍යයේ වුවද අපට ජාතික රාජ්‍යයක් පැවත්යේය. අපි කිසි රටක බලපෑමට නතු නොවූ අදීන ජාතියක් වීමු. අවසානයේ ඉංග්‍රීසිහු අපව යටත් කර ගත්හ. ඉන් පසු අපේ රටේ එතෙක් පැවති ජාතික රාජ්‍යය බිඳ වැටිණි. එය නැවත ඇති කර ගැනීමට අද දක්වා අප අපොහොසත්ය.  1815 උඩරට ගිවිසුමෙන් පසු බ්‍රිතාන්‍යයෝ වංචනික අයුරින් ලංකාවේ පාලන බලය පැහැර ගත්හ. තමන්ව රවටා ඇති බව තේරුම් ගැනීමට මෙරට ජනතාවට වැඩි කලක් ගත නොවීය. ඉන්පසු 1818 දීත් 1848 දීත් ඔවුහු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරළි ගැසූහ. බ්‍රිතාන්‍ය පාලකයෝ ලෙයින් සහ යකඩින් ම්ලේච්ඡ ලෙස ඒවා පාගා දැමූහ; වෙල්ලස්ස වැනි පෙදෙස්වල ගම් පිටින් ගිනි බත් කර සමූල ඝාතණය කරන ලදී;  සිංහල නායකයන් මරා දැමිණි; සමහරෙක් හිරභාරයට ගෙන රටින් පිටුවහල් කෙරිණි;  මුඩුබිම් ආඥා පනත වැනි පනත් මඟින් ඔවුන්ගේ බලය සිඳ දැමිණි.

ඉන් පසු බ්‍රිතාන්‍ය මිෂනාරි ක්‍රමය හරහා කලු සුද්දන් පිරිසක් බිහි කෙරුණු අතර නායකත්වය ඔවුන්ගේ අතට ක්‍රමයෙන් පත් කෙරිණි; නායකත්වයට ඔවුන්ව පුරුදු කෙරිණි. 19 වන සියවස අග වන විට  සිංහලයාගේ දේශපාලන නායකත්වය මුලුමනින්ම සිඳ දමා තිබූ නමුත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි බෞද්ධ යතිවරුන්ගේ ක්‍රියා හරහා බොදු සමාජයේ පිබිදීමක් ඇති වීමට කටයුතු යෙදී තිබිණි.   ඒ ඔස්සේ කර්නල් ඕල්කට් වැන්නන් ලංකාවට පැමිණි අතර මේ පිබිදීම තුළම පසුව අනගාරික ධර්මපාලතුමා බිහිවිය. එතුමා “සිංහල-බෞද්ධ ජාතිකත්වයක්” වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සුවිශේෂ චරිතයකි. අපේ ජාතික ව්‍යාපාරයට, අන් අයගෙන් නොලැබුණු, දේශපාලන නායකත්වයක් දීමට එතුමා සමත් විය. ධර්මපාලතුමාට පසුව යටකී කලු සුදු පෙළැන්තිය විසින් එලව එලවා පහර දෙන්නට වූ අතර එතුමා කල කිරී රට හැර ගියේය.

නිදහසින් පසු

1948 දී අපට ඩොමිනියන් තත්වයේ නිදහසක් ලැබුණු අතර එය ලබා ගැනීමට අපේ ජාතික ව්‍යාපාරයේ සෘජු දායත්වයක් නොවීය. කෙසේ නමුත් මේ නිදහස තුළ අප නිදහස් වූයේ යටත්විජිතකරණයේ සෘජු දේශපාලන බලපෑමෙන් පමණක් වූ අතර වක්‍ර දේශපාලන මෙන්ම ආර්ථික සහ සංස්කෘතික යටත්විජිතකරණයෙන් අපව නිදහස් නොවිණි.  නිදහසින් පසු ලංකාවේ පාලනබලය හිමි වූයේ ධනපති සහ විජාතික සංස්කෘතික ඌරුවක් සහිත සහිත නායකයන් පිරිසකගෙන් සැදුම් ලද එක්සත් ජාතික පක්ෂයට  වූ අතර රටේ ප්‍රධාන විපක්ෂය් වූයේ මාක්ස්වාදී  සහ විජාතික සංස්කෘතික ඌරුවක් සහිත සහිත නායකයන් පිරිසකගෙන් සැදුම් ලද පක්ෂයක් වූ සමසමාජ පක්ෂයයි.

1956 පෙරළිය

මේ තත්වයන් යටතේ රටේ පැවති ජාතික බලවේගවල දේශපාලන නායකත්වය සඳහා රික්තයක් පැවති අතර එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇතුළු පිරිසක් පිහිටුවාගත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය මේ රික්තය පිරවීමට කටයුතු යෙදිණි. 1956 දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගයක් පිළිබඳ වූ ජාතික සංකල්පයක් පෙරදැරි කොට ගෙන එතෙක් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමා විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලැබීය. මේ සංසිද්ධිය ගැන මාර්ටින් වික්‍රමසිංහ ශූරින් සුප්‍රකට “බමුණු කුලයේ බිඳ වැටීම” නම් ලිපියක්ද රචනා කළේය. නමුත් 56 ආණ්ඩුව ඉන් පසු ජාතික මාවතේ ඉදිරියට නොගියේය. බණ්ඩාරනායක මහතාට සිය ආණ්ඩුව බිහි කළ බලවේග අතර තිබූ ප්‍රතිරෝධතා මැඩලිය නොහැකි විය. අවසානයේ ඔහුව බලයට ගෙනා බලවේග විසින්ම ඔහුව අවාසනාවන්ත අන්දමින් ඝාතණය කෙරිණි.

56 පෙරළියෙන් පසු ආණ්ඩුව ජාතික මාවතක පියමන් කිරීමට අපොහොසත් වුවත් රට තුළ ඉන් ඇති වූ පිබිදීමේ ප්‍රතිඵ්ල දක්නට ලැබිණි. වීශේෂයෙන් කලා කෘතිවල 56 පිබිදීමේ බලපෑම මැනවින් පෙනෙන්නට තිබිණි. වැදගත්ම සංසිද්ධිය වූයේ ගමෙන් ආ තරුණ පිරිස් වලට නිදහස් අධ්‍යාපනය ඔස්සේ වෘත්තියමය සහ සමාජමය වශයෙන් ඉහළ තලවලට යෑමට වරම් ලැබීමයි. පනස් හයේ දරුවෝ ලෙස සංකල්පීයව මොවුන්ව හැඳින් වේ. ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ සහජයෙන් පැමිණි ජාතික විඥාණය නොසිඳගත් අතර පසු කලෙක ජාතික ව්‍යාපාරයේ වර්ධනයට බලපෑවේ ඔවුන් කළ කී දෑය.

1977 කනපිට පෙරළීම

1977 දී යැංකි ඩිකී ලෙස හැඳින් වූ ජේ.ආර්. ජයවර්ධන විසින් බණ්ඩාරනායක 56 දී කළ පෙරළිය කණපිට පෙරලුවේය. විවෘත ආර්ථිකය රටට හඳුනා දෙනු ලැබිණි. දේශීය/ජාතික දේට වඩා විජාතික දේ අගයන සමාජයක් බිහිවිය. එතෙක් පැවති සමාජමය හරයන්ගේ වටිනාකම් ක්ෂය වී මුදලට ඇති වටිනාකම විශාල ලෙස වැඩි විය. මේ සමයේ රටට හඳුන්වා දුන් රූපවාහිනිය මඟින් බටහිර ලෝකයේ නා නා ප්‍රකාර සංස්කෘතිකාංග අපේ සමාජයට වේගයෙන් ගලා ආවේය. රටේ ප්‍රශ්නවලට අසංවේදී සුකිරි බටිල්ලන්ගේ පරපුරක් බිහි විය. අවසානයේ පරිභෝජනවාදයේ ගිලුණු, සියල්ල මුදල මත තීරණය වන ක්‍රමයකට රට ගමන් කළේය. මේ විපරිනාමය සිනමාව, සාහිත්‍යය වැනි කලා ක්ෂේත්‍රයේ සිදුවූ ක්ෂණික ඇදවැටීමෙන් මනාව පිළිඹිබු විය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කෙටි කලකින් රට දේශපාලනිකවත් ප්‍රපාතයකට ඇද දැමීය. උතුරේ බෙදුම්වාදී යුද්ධයක් ඇති වූ අතර, ඒ හරහා ඉන්දීය විදෙස් හමුදා රට ආක්‍රමණය කළහ. ඊට සමගාමීව දකුණේ ඇති වූ කැරැල්ල ඉතාම ම්ලේච්ඡ ලෙස මර්ධනය කරනු ලැබුවේ 60,000කට අධික තරුණයන් මරා දමමිනි. 1994 දී 17 වසරකට පසුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ වැටුණේ රට ජාතික රාජ්‍යයකට යන මාවතෙන් සෑහෙන ඈතට ඇද ගෙන යාමෙන් අනතුරුවයි.

දෙමළ බෙදුම්වාදය

නිදහසෙන් පසුව අපේ රටේ ස්වෛරීභාවයට මෙන්ම ජාතිකත්වයට එල්ල වූ ප්‍රභලම තර්ජනය වූයේ දෙමළ බෙදුම්වාදයයි. මේ ප්‍රශ්නයේ මුල ලන්දේසීන් සහ වැඩිවශයෙන් ඉංග්‍රීසීන් විසින් මේ රටේ එතෙක් පැවති සිංහල බෞද්ධ නායකත්වයට එරෙහිව දෙමළ නායකත්වයක් පෝෂණය කිරීමයි. ඊනියා දෙමළ නිජභූමි සංකල්පයක් පෙරදැරි කරගෙන පසුව මෙය දෙමළ බෙදුම්වාදයක් දක්වා වර්ධනය විය. ඉහත දැක්වූ පරිදි ජේ.ආර්. පාලන සමයේ සිදු වූ අත්තනෝමතික ක්‍රියා නිසා ඇති වූ කලු ජූලියෙන් පසු මේ දෙමළ ඊළාම් බෙදුම්වාදය අන්තර්ජාතික සහාය සහිත ලෝකයේ ඉතා ප්‍රබල ගරිල්ලා ව්‍යපාරයක් බවට පත් විය.

1994 න් පසු එළැඹි චන්ද්‍රිකා පාලන සමයේදී සන්නද්ධ ක්‍රියාමාර්ගයකින් මෙය විසඳිය නොහැකි බවට ජන මනස සැකසිණි. සුදු නෙළුම, තවලම වැනි ඊනියා සාමවාදී ප්‍රචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක වූ අතර බටහිර රටවල් ඒ සඳහා විශාල වශයෙන් මුදල් පොම්ප කළේය. මේ සඳහාම එන්.ජී.ඕ. විශාල ප්‍රමාණයක් රට තුළ බිහි විය. ඉන්පසු ඊනියා දේශපාලන විසඳුමක් පිළිබඳ විශාල කතිකාවක් රට තුළ ඇති විය. ඒ හරහා රට බෙදන තත්වයක් දක්වා ජන මනස ක්‍රමයෙන් සැකසෙමින් පැවතිණ. ඉන්පසු 2001 බලයට පත් රනිල් වික්‍රමසිංහ මේ ක්‍රියාවලිය තවත් වේගවත් කරමින් ඊළාම් බෙදුම්වාදයේ ජයග්‍රහණය පේන තෙක් මානයට ගෙන ආවේය. මෙය නිදසින් පසු රටක් වශයෙන් අප මුහුණ පෑ අනතුරුදායකම තත්වය විය යුතුය

 2005 මහින්ද සහ යුධ ජයග්‍රහණය

nalindesilva2005 පෙරළිය ඇතිවූයේ එවන් සමාජ පසුබිමකය. මේ කාලය තුළ රටේ ජාතික ව්‍යාපාරයේ නැවත පිබිදීමක් ඇති විය. චෙරියෝ කියනු වෙනුවට බුදුසරණයි කීමට පෙළඹෙන සමාජයක් ඇති විය. මේ පිබිදීම ඇති වීමට හේතුභූත වූ මූලික ප්‍රවාහයන් දෙකක් විය. එකක් අසූව දශකයේ ලංකාවේ විශ්ව විද්‍යාල තුල නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැන්නන් ගේ මූලිකත්වයෙන් බිහි වූ ජාතික චින්තන ප්‍රවණතාවයි. එතෙක් ලංකාවේ විශ්ව විද්‍යාල තුළ රැඩිකල් ආකර්ෂණය තිබුණේ මාක්ස්වාදය වෙතයි. (පසුව එය මුලුමනින්ම ජනතා විමුක්ති පෙරමුණ සතු විය. ) මාක්ස්වාදයෙන් මිදී උගත්, රැඩිකල්, සටන්කාමී තරුණ ප්‍රජාවෙන් ඇතැමෙක් ජාතික චින්තනය වෙත යොමු වීම ජාතික ව්‍යාපරයේ පිබිදීමට බලපෑවේය.

ඊළඟ පිබිදීම ඇති වූයේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් නිසාය. උන්වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය නිසා රටේ පොදු මහජනතාව බුද්ධාගම වෙත පෙර නොවූ විරූ වැඩි නැඹුරුවක්, ආකර්ෂණයක් දැක්වූහ. සෝම හිමියන්ගේ හදිසි අපවත් වීමත් සමඟ එය වඩාත් තීව්‍ර විය. ඉන් පසු තවත් එවන් සඟ පරපුරක් ඇති වූ අතර භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු යාම දක්වා ඔවුන්ගේ දේශපාලන දායකත්වය වැඩි විය.

2005 මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒම සඳහා ඒ සියලුම ජාතික බලවේග එක්වීම සුවිශේෂ සිද්ධියක් විය. ප්‍රායෝගික තලයේ දක්ෂ දේශපාලඥයෙකු වූ මහින්දව ජාතික තලයේ දේශප්‍රේමී දේශපාලන චරිතයක් බවට කඩිනමින් නිර්මාණය කෙරිණි. එහිදී විශාලම වැඩ කොටසක් කළ චරිත දෙක වූයේ විමල් වීරවංශ සහ චම්පික රණවක දෙදෙනාය. ලත් තැනම ලොප් වූ 1956 පෙරළිය මෙන් නොව 2005 දී රටේ ජාතික ව්‍යාපාරය ඉන් පසු දේශපාලනමය වශයෙන් ඉදිරි ගමන් ගියේය. 2009 නන්දිකඩාල් ජයග්‍රහණය එහි කූට ප්‍රාප්තියයි. ඒ ගැන අටුවා ටීකා ලිවීම අනවශ්‍යය.

යුධ ජයග්‍රහණයත් සමඟ ජාතික ව්‍යාපාරය නිදහසින් පසු ලැබූ ඉහළම තැනට ගමන් ගත් බව මගේ හැඟීමයි. බොහෝ දෙනා ජාතිකත්වය වෙත ළං වූහ; සිංහ කොඩිය අතට ගෙන ළෙල දෙවන්නට වූහ; බුද්ධාගමට නැඹුරු වූහ; සිංහල බෞද්ධකම ගැන රටේ මහත් අභිමානයක් ඇති විය. මේ අතර ජාතික ව්‍යාපාරයේ හරය ගැන අවබෝධයක් නොතිබූ රැල්ලට පාවී යන පිරිසක් ජාතික ව්‍යාපාරය වටා ගොනු වූහ. මොවුන්ව “රැළිවාදීන්” ලෙස අපි හඳුන්වමු.

ජාතික ව්‍යාපාරයේ ගැටළු

BUP_DFT_DFT-4-New-1නමුත් ඉන් ඔබ්බට රට ගමන් කළ යුත්තේ කිනම් අතටදැයි ජාතික ව්‍යාපාරය තුළ නිශ්චිත දැක්මක් නොවීය. ජාතික ආර්ථිකයක් ගැන කතා කළත් එය කොයි වගේ එකක්ද යන්න නිශ්චිතවම සූත්‍රගත කිරී තිබුණේ නැත; ඒ ගැන සාධනීය කතිකාවක් රටේ ජාතික ව්‍යාපාරය තුළ තිබුණේ නැත. මෙය ජාතික ව්‍යාපාරයේ මම දකින ලොකුම දුර්වලතාවයි. මේ නිසා රට සංවර්ධනය කරා ගමන් ගත යුතු මඟ, එහි කෙටිකාලීන සහ දිගුකාලීන ඉලක්ක ගැන ජාතික ව්‍යාපාරයේ කා හටවත් වැඩි අවබෝධයක් නොවීය.

මෙලෙස නිශ්චිත ඉලක්කයකින් තොරව යන ගමනේදී මහින්ද රාජපක්ෂ චරිතයේ දුර්වලතාද රටට එකිනෙක පෙනෙනට පටන් ගැනිණි. මර්වින් සිල්වා ගේ විගඩම්, භාරත ලක්ෂ්මන් ඝාතණය වැනි සිද්ධීන් පෙළක් නිසා රටේ ජනතාවගේ ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය ක්‍රමයෙන් පලුදු වෙන්නට පටන් ගති. අසීමිතව බලය ඔහු වටා එක් වීම ඊට එක් හේතුවකි. ඊට අමතරව ඔහුගේ සහජ දුර්වලතාද බලපා ඇති බව පෙනෙන්නට තිබේ.

මේ අතර ජාතික ව්‍යාපරයේ පිබිදීම නිසා කුජීතව වල් වැදී සිටි විජාතික බලවේග කළ එළි බසින්නට පටන් ගත්හ. ඡන්දයෙන් මේ ආණ්ඩුව පැරදීම වර්තමාන සන්දර්භය තුළ අපහසු බව ඔවුන් තේරුම් ගත්තේ ඔවුන්ගේ පළමු තුරුම්පුව වූ ෆොන්සේකා ට අත් වූ පරාජය නිසාය. ඉන් පසු ඔවුහු ආණ්ඩුව බිඳ දැමීමට නොයෙක් පිල්ලි මවමින් සිටිති. ඒ හැම පිල්ලියක්ම අවසන් කර දැමීමට කටයුතු කළේ 2005 මහින්දව ගෙන ආ ජාතික බලවේගමය. කෙසේ නමුත් මේ හැමදෙයකින්ම ආණ්ඩුව කෙරෙහි ඇති මහජන විශ්වාසය ක්‍රමයෙන් පලුදු වෙමින් පවතී. මේ නිසා ජාතික ව්‍යාපාරයට නරක දසාවක් ලබා ඇත. ඇතැම් ජාතිකවාදියෝ මේ අර්බූදය හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරති.

සිංහ කොඩිය අත හැර පැන දිවීම

අර ජාතික ව්‍යාපාරය පිළිබඳව අවබෝධයකින් තොරව ඒ වටා එක් ව සිටි රැළිවාදීන්, කාලයක් “යුද්ධ මැච්” එක දිනූ ත්‍රිල් එකට සිංහ කොඩි වනමින් හිඳ, මැච් එක අවසන් වී ත්‍රිල් එකත් ක්‍රමයෙන් පහව වූ පසු, මහින්ද ආණ්ඩුවේ වැරදි දැක පරල වෙමින්, ඒ සමස්ත ජාතිකත්වයේම වැරදි ලෙස දකින්න්ට පටන් ගෙන තිබේ. මොවුන් දැන් එක එකා සිංහ කොඩිය අතහැර පැන දුවන කාලය එළැඹ ඇත. වඩාත්ම හිරිකිත දනවන දසුන නම් එසේ පැන දුවන අතර කාලයක් තමන් නොමඳ ත්‍රිල් එකක් ලැබූ ජාතිකත්වයට, එහි නියමුවන්ට, අපේ උරුමයන්ට පමණක් නොව බුදුසමයටත් නිරන්තර අසූචි ප්‍රහාර එල්ල කරමින් තිබීමයි.

මුස්ලිම් ව්‍යාප්තවාදය

යුධ ජයග්‍රහණයෙන් පසු කොටි ත්‍රස්තවාදයේ තර්ජනය නැති වූ අතර දෙමළ ජාතිවාදය සහ බලය බෙදීම ප්‍රමුඛ කොට ගත් එහි මතවාදී පෙරමුණද මුලුමනින්ම අඩපණ වී ගියේය. ඉන්පසු ලංකාවේ ජාතික ව්‍ය්පාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇති බව පෙනෙන්නට ඇත්තේ මුස්ලිම් අන්තවාදයයි. කොටි ප්‍රශ්නය වෙත රටේම මූලික අවධානය යොමුව තිබූ සමයේ මුස්ලිම් අන්තවාදය ක්‍රමයෙන් හිස එස වූ බව පෙනෙන්නට තිබේ. අද අප රටේ මුස්ලිම් ව්‍ය්පාතවාදයක් ඇත. එය වෙළඳ භාණ්ඩ හලාල්කරණය, ජනගහණ ජීහාඩයක මුල් ළකුණු, කූරගල වැනි බෞද්ධ සිද්ධස්ථාන බලහත්කාරයෙන් ආක්‍රමණය කිරීම සහ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ මුස්ලිම් සිසුන්ගේ අසාමාන්‍ය සමත් ප්‍රතිශතය වැනි පැතිකඩ ගණනාවකින් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඊට අමතරව පෙර කිසිදාක නොවූ පරිදි මුස්ලිම් ජාතිවාදයට න්‍යායික පදනම් දමන අන්වර් මනතුංග වැන්නන්ගේ බ්ලොග් අඩවි වැනි මතවාදී පෙරමුණුද දක්නට ලැබේ.

මේ මුස්ලිම් ව්‍යාප්තවාදයට විරුද්ධව අද රටේ නැගී සිටීමක් දක්නට ලැබේ. එය මුලුමනින්ම රටේ සිංහල බෞද්ධ ව්‍යාපාර මුල් වී ඇති වූවකි. එය සාධනීය දෙයකි; විය යුතු දෙයකි. නමුත් අද වන විට මේ ව්‍යාපාර අතර මුසල්මානුවන්ගේ ලේ කෝප කරවන, සිංහල-මුස්ලිම් කලු-ජූලියකට අර අදින බලවේගයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. අද බටහිර ලෝකය තුළ වෙන කිසිදාක නොවූ ප්‍රබල මුස්ලිම් විරෝධයක් ඇත. මෙය එක් පසකින් එහි බළල් අතක් විය හැකි අතර අනෙක් පසින් රට අස්ථාවර කර ආණ්ඩුව පෙරලා දමන තත්වයක් නිර්මාණය කිරීමේ අභිප්‍රායෙන් කෙරෙන්නක් විය හැක. මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන කතා කරන මෙවන් ඇතැමෙක් බටහිර ව්‍යාප්තවාදය අමතක කිරීම ගැටළුවකි. එලෙස රටේ ජාතික ව්‍යාපාරය හුදු “හම්බ විරෝධයකට” පමණක් ඌණනය වීම තරමක කණගාටුවකට කරුණකි.

Advertisements

One thought on “ජාතික ව්‍යාපාරයේ ගමන් මඟ

  1. 2004 සෝම හිමිගේ අපවත් වීම සමග ඇතිවුයේ ජාතික ව්‍යාපාරයක්ද නැතිනම් ජාතිකත්වය දඩ මීමා කරගත් අන්තවාදයක්ද ? අනෙක් කරුණ රැලි කාරයෝ ඉන්නේ අතේ ඇඟිලි ගන්නාට වඩා අඩුවෙන් . එක්කෙක්ගේ දෙන්නෙක්ගේ ගති ලක්ෂණ සාමාන්‍යකරණය කරලා කියල මට නම් හිතෙන්නේ ( මම නම් ඔය ව්‍යාපාරය එක්ක කවදාවත් හිටියේ නැහැ ) අද සමාජය බැලුවොත් බොදු බල සේනාව හරහා අන්තවාදයක් ආයතනිකගත වෙන බවයි පෙනෙන්නේ . රලිකාරයනට ෆේස් බුක් එකේ ඕකට විරුද්ධව වැඩි දෙයක් කරන්න බැහා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s