මහින්දගේ භූමිකාව

2005ට කළින් මහින්ද කියන්නේ ජාතිකත්ව මතවාදයක් හෝ වෙනත් මතවාදයක/දර්ශනයක හිටපු කෙනෙක් නොවෙයි. ඔහු මිනිස්සුත් එක්ක හිටපු ප්‍රායෝගික තලයේ දේශපාලඥයෙක් විතරයි. 2005 ඡන්දෙදි සියලුම බෙදුම්වාදී බලවේග රනිල් එක්ක එකට හිටගත්දී ඒ බෙදුම්වාදය පරදවන්න ඕන වුන බලවේග සියල්ල මහින්දව දිනවන්න කටයුතු කළා. රනිල්ට එරෙහිව දේශප්‍රේමී මහින්ද කෙනෙක් ඒ අය නිර්මාණය කළා. (ඩලස්, විමල් සහ චම්පික තමයි මේ දේශප්‍රේමී මහින්ද නිර්මාණය කිරීමේ වැඩි වැඩ කොටසක් කළේ)

2005න් පස්සෙ මහින්ද රඟ දැක්වූවේ අඩු වැඩි වශයෙන් ඒ ඔහු වෙනුවෙන් නිර්මාණය කළ චරිතය. යුද්ධය අවසන් කිරීමේදී මහින්ද ඒ තමන්ට වෙන් වුන කාර්ය භාරය අභීතවත්, ඉතා සාර්ථකවත් ඉටු කළා. ඒ පිළිබඳ නිසි ගෞරවය ඔහුට හිමි විය යුතුයි.

යුද්දෙන් පස්සෙ ඔහු රඟ දැක්විය යුතු චරිතය හරියට ලියැවිලා නැහැ (අපේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් විය යුතුද ආදිය) වගේම ඔහුට චරිතය ලියා දුන් බලවේගත් ඔහු විසින් පසෙකට දමා තිබෙනවා. මහින්ද කියන්නේ තමන්ටම තමන්ගේ චරිතය ලියා ගන්න පුලුවන් මැන්ඩෙලාවත්, ගාන්ධිවත්, ලෙනින්වත් නෙවෙයි. ඉතින් අපිට දැන් පෙනෙන්නේ 2005ට කළින් හිටපු මහින්ද තමයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: