පිලිප් ගුණවර්ධන

පිලිප් ගුණවර්ධණ ලංකාවේ මුල්ම දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘවරයායි. සමසමාජය බිහු වූයේ විදේශ රටවල උසස් අධ්‍යාපනය ලැබීමට ගිය ඉහළ මැදපාන්තික තරුණයන් සමූහයකගේ ප්‍රයත්නයෙනි. ලංකාවට සමාජවාදය ගෙන ආවේ ඔවුන්ය.

සෝවියට් සංගමයේ ට්‍රොට්ස්කි සහ ස්ටාලින් බෙදීම අනුව ලෝකයේ බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ දෙකඩ විය. ඒ සියළුම රටවල ට්‍රොට්ස්කිවාදීන් කොමියුනිස්ට් පක්ෂවලින් නෙරපා දමන ලද වුවද ලංකාවේ සමසමාජ පක්ෂයෙන් නෙරපා දමනු ලැබුවේ ස්ටාලින්වාදීන්ය. එහිදී පිලිප් සිටියේද ට්‍රොට්ස්කිවාදීන් සමඟය. සමසාමාජයේ ට්‍රොට්ස්කිවාදී අන්තගාමීහු නොබෝ කලකින් බොල්ෂෙවික් ලෙනිනිස්ට් නමින් පක්ෂයක් පිහිටුවා ගත්හ. මොවුන් වැඩි දෙනෙක් කොළඹ ඉංග්‍රීසියෙන් කතා කරන, උගත්, ඉහළ මධ්‍යම පාංතික පවුල් පසුබිම්වලින් පැවත එන පිරිසකි. ඔවුන් වැඩි දෙනෙක් නීතීඥයෝය. දහවල උසාවියේත් රාත්‍රිය සාමාජශාලාවේත් ගත කළ ඔවුන්ට මාක්ස්වාදය තම පාණ්ඩිත්වය පෙන්වන උපකරණයක් මිස අන් කිසිවක් නොවීය.

නමුත් පිලිප් ගත්තේ අනෙක් පසයි. ඔහු අත්දැකීමෙන් සහ දැනුමෙන් පරිණත වෙත්ම සංස්කෘතියේ සහ ජාතිකත්වයේ අගය වටහා ගත්තේය. මෙය අවබෝධ කරගත් ලංකාවේ මුල්ම මාක්ස්වාදී දේශපාඥයා පිලිප්ය. ඊනියා ට්‍රොට්ස්කිවාදය අත හළ ඔහු ලංකාවට ගැලපෙන සමාජවාදී පක්ෂයක් බිහිකළේය. ඒ සඳහා ඔහු ස්ටාලින්වාදී කොමියුනිට් පක්ෂයටද අත දිගු කළේය. ටයි කෝට් අතහැර රෙද්ද බැනියම ඇන්ද පිලිප්, බණ්ඩාරණායක සමඟ 56 පෙරැළිය ඇති කළේය. 56 ආණ්ඩුවේත් වැඩක් කළ එකම මිනිහා පිලිප් පමණි. ඔහු කුඹුරු පණත ගෙන ආවේය. ආණ්ඩුවේ දක්ෂිණාංශික නායකයෝ ඔහුට විරුද්ධ වූහ. පිලිප්ට වැඩියෙන්ම පහර වැදුණේ ආණ්ඩුව ඇතුළෙනි. අවසානයේ1956 මහා බලාපොරොත්තු මත ගොඩ නැගුණ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව අසාර්ථක ව බිඳ වැටිණ.

මේ කාලයේ ජාතිකත්වයට ප්‍රගතිශීලි මත දරන තරුණයන්ගේ ආකර්ෂණයක් නොවීය. ඔවුන්ගේ ආකර්ෂණය තිබුණේ චේගුවේරා පන්නයේ නිර්ධන පාංතික විප්ලවයක් කෙරෙහිය.  මේ හේතුවෙන් සමාජවාදී අදහස් දරන තරුණයන් වෙතින් පිලිප් ක්‍රමයෙන් ප්‍රතික්ෂේප වී ගියේය. අන්තිමේ පිලිප් යූඇන්පියට ගියේය. එය මාරාන්තික වරදක් විය. යූඇන්පිය කවදත් සැලකුණේ අධිරාජ්‍යවාදයේ සහ විජාතිකත්වයේ පක්ෂය ලෙසය. ජාතික මත දරන්නන් සහ සමාජවාදී මතදරන්නන් දෙපිරිසම අතින්ම ඔහුව ප්‍රතික්ෂේප විය. තම පාර්ලිමේන්තු අසුනත් අහිමි වූ පිලිප් වසර කිහිපයකින් මිය ගියේය.

අද කාටත් අමතක වී ඇති පිලිප් ලාංකීය දේශපාලනයේ යුගයට ඉදිරියෙන් සිටි සුවිශේෂී දේශපාලන චරිතයක් බව මගේ අදහසයි. පිලිප් අද ජීවත් වූවානම් ඔහුවෙත එදා නොතිබුණු ආකර්ෂණයක් තිබෙනු නිසැකය. පිලිප් ජීවත් වුණේ වැරදි යුගයකදැයි මට විටෙක සිතෙයි.

Advertisements

One thought on “පිලිප් ගුණවර්ධන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s