එස්.බී. සහ ඊරියගොල්ල

ඊරියගොල්ල 65 ඩඩ්ලි ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයාය. ඔහු සුප්‍රසිද්ධ සාහිත්‍යධරයක්, උගතෙක් මෙන්ම කාගේත් පැසසුමට පත් දේශපාලඥයකු විය. වරක් අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහු විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී විය. සාමාන්‍යයෙන් එවන් අවස්ථාවකට දේශපාලඥයන් සහභාගීවීමේ සම්ප්‍රදායක් නොතිබූ නිසා ඔහුට ප්‍රබල ‘හූ’ ප්‍රහාරයකට ළක් වීමට සිදු විය. (අවිචාරයෙන් හූ කීම අද මෙන්ම එදාත් විශ්ව විද්‍යාල තුළ සිදු වී ඇත.)

ඉන් පසු ඊරියගොල්ලට විශ්ව විද්‍යාල සිසුන් සමඟ ඇතිවුයේ බද්ධ වෛරයකි. ඔහු දිගින් දිගටම ඔවුන් සමඟ හැප්පුණේය. ඊරියගොල්ල විශ්ව විද්‍යාල සිසුන්ට රජයේ රැකියා දීමේ ක්‍රියාවලිය අඩාල කළේය. ඉතිහාසයේ මුල්වරට රැකියා විරහිත උපාධිදාරීන් බිහි විය. (මෙය 71 කැරැල්ලටද බලපෑවේය.) අවසානයේ ඊරියගොල්ල විශ්ව විද්‍යාල සිසුන්ගේ පොදු සතුරා බවට පත් විය. 70 මැතිවරණයේදී ඊරියගොල්ලගේ ආසනයේ ස්වේච්ඡාවෙන් පැල් බැඳගත් ඔවුහු ඊරියගොල්ලට එරෙහි මැතිවරණ ව්‍යාපාරය කරට ගත්හ. මැතිවරණයෙන් අන්ත පරාජයකට පත් ඊරියගොල්ල මඳ කලකින් සාහිත්‍යධරයකු ලෙස ඔහු අත්පත් කරගෙන තිබූ කීර්තියද පලුදු කොටගෙන මිය ගියේය.

එස්.බී. ඇමතිවරයාටත් ඇත්තේ ඒ දසාවයි. වේවැලක් අතින් ගත් විදුහල්පතිවරයෙක් පාසල් සිසුන් පාලනය කරනවාක් මෙන් ඔහු විශ්ව විද්‍යාල සිසුන් පාලනය කිරීමට යයි. විශ්ව විද්‍යාල සිසුන් කෙරෙහි ඔහුගේ ඇති ආකල්පය ඉතාම නරකය. මේ නිසාම විශ්ව විද්‍යාල සිසුන්ටත් ඔහු පිළිබඳ ඇති ආකල්පය ඉතාම නරකය. මේ ගැටුම ගමන් ගන්නේ අර්බූදයක් කරා මිස සම්මුතියක් කරා නොවේ. විශ්ව විද්‍යාල සිසුන් හෝ විශ්ව විද්‍යාල තුළ පවතින සංස්කෘතිය නිවැරදි බව මින් අදහස් නොකෙරේ. නමුත් විශ්ව විද්‍යාල සඳහා මීට වඩා සංයමයෙන් කටයුතු කළ හැකි ඇමතිවරයකු අවශ්‍යය. නමුත් එස්.බී. අදක්ෂයකු නොවේ. මේ අමාත්‍යාංශය ඔහුට සුදුසු නැත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s